MMGS Architects විසින් නිර්මාණය කරන ලද ‘හෝප්,’ ලවන්ගේ ස්ටුඩියෝ අවකාශය

SLIA AWARD FOR EXCELLENCE IN DESIGN- 2018, CATEGORY- RENOVATIONS

  • Project year: 2017
  • Project location: Perahera Mawatha, Colombo 03, Sri Lanka

කොළඹ ප්‍රදේශයේ අතිශය ජනාකීර්ණ වූ නිවෙස් පෙළක් අසල පිහිටි මෙම නිවස, ප්‍රථමයෙන් අතිශයින් ගරාවැටී තිබූ අතර මෙහි නවීකරණය, දිරාපත්වූ නිවාස ප්‍රතිසංස්කරණයෙ සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. ප්‍රතිසංස්කරණයට පෙර අඳුරු සහ අතිශයින් ඇහිරුණු අවකාශයෙන් කින් යුත් මෙම නිවස ප්‍රතිසංස්කරණයෙන් පසු මැනවින් ගිමන් නිවීය හැකි ඉවුම් පිහුම් සිදුකළ හැකි විවෘත ඉඩකින් යුත් සුවපහසු කලාගාරයක් බවට පත්විය.

විවිධ මට්ටම් අතර ඉඩකඩ කළමනාකරණය මගින් මනා සුව පහසු බවක් සහ පුද්ගලිකත්වය මැනවින් සුරැකෙන පරිදි සකස් කර ඇති මෙම නිවසේ අංගනය සවස් කාලයේ ප්‍රිය සාද සඳහා මැනවින් උචිත වන පරිදි නිමවීමට නිර්මාණකරු සමත්ව ඇත. පැරණි නිවසේ තිබු අංග ගැටලුවක් ආකාරයෙන් නොදැක එම කොටස් විසඳුමක් ලෙස යෙදූ නිර්මාණකරු නාන කාමරයේ පැරණි යකඩින් තැනූ වතුර බැස්ම එලෙසම විසිත්ත අංගයක් ලෙස භාවිතා කිරීම වර්ණනාවට ලක් කළ යුතුමය.

පැරණි මුඩුක්කු ජනාවාස කඩා ඉවත් කරන මෙවන් යුගයක එවැනි ඉඩකඩ මනා ප්‍රතිසංස්කරණය හරහා වැඩිදියුණු කළ හැකි බවත් එම වටපිටාවට ආවේණික වූ සංස්කෘතික ලක්ෂණ ඉදිරියටත් රැගෙන යා හැකි බවත් පෙන්වා නිර්මාණකරු එතී ගිය පඩිපෙල්, කලාකෘතියක් වැනි ගේට්ටුව නිල් පැහැති දොර ආදී අංගයන් හරහා මනාව කැපී පෙනෙන එහෙත් වටපිටාව සමග මනා සංයෝජනයක් ඇති කිරීමට සමත්ව ඇත.

Photographs: Ramitha Watareka

Contact the Architect here

Find us on instagram for more Sri Lankan architectural projects 

දැන්ම Subscribe කර ඉදිරියේදී පළ වන ලිපි පිළිබඳව නිරන්තරයෙන් යාවත්කාලීන වන්න.

Newsletter Updates

Enter your email address below to subscribe to our newsletter

Leave a Reply