නිවස තුළ වූ ඉඩකඩ හා නිවසින් පිටවූ ඉඩකඩ එකිනෙක සම්බන්ධ කරමින් නිමක් නොමැති අවකාශයක සංකල්පය ඔස්සේ ගොඩනගන ලද මෙම නිවහන සත්‍ය වශයෙන්ම ප(ර්)චස් දාහතරක ඉඩක පවතින අතර ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශයේ ජනාකීර්ණ පෙදෙසක පිහිටා ඇත.
වර්ගඵලය: 4025.0 ft²
වසර: 2018
ඉඩමේ වූ අඩි හතරක ආනතිය උපයෝගී කරමින් නිර්මාණය වුණු මෙහි බිම් මහලේ විවිධ ඉඩකඩ විවිධ මට්ටම්වලින් පිහිටි බැවින් ගෙහිමියාට එකිනෙක සම්බන්ධිතව විවිධාකාර දර්ශනයන් අත්විඳීමට හැකි අතර එම ඉඩකඩ අතර වූ රිද්මය කෙලිලොල් ස්වභාවයක් නිවස තුළ නිර්මාණය කරයි. ස්වාභාවිකව එසවුණු ඉඩම නිසා නිවැසියන් හට මනා පෞද්ගලිකත්වයක් ලැබෙන අතරම එය නිවැසියන් නිවැසියන්ට දැක අත්විඳිය හැකි මනා දර්ශන පථයක් ලබාදෙයි. පටු ඇතුල් වීම හරහා ඇතුල් වන අයෙකුට ඉහළ අහස අත්විඳිය හැකි අංගනය හරහා ගොස් දැව සහ විශාල වීදුරු ජනේලයෙන් ගෙන් සෑදී සාලයට ඇතුළු විය හැකි අතර එහි විශේෂ සැකසුම වටපිට පරිසරය නිවස තුළ ඇත්තා මෙන් හැඟීමක් නිර්මාණය කරයි. නිවසේ හදවත බඳු මෙම අංගනය නිවසේ ඇති සෑම ඉඩක් ම තිරස්ව හා සිරස්ව සම්බන්ධ කරයි.
නිවෙස තුළ වූ දැවමය කණු හා දැවමය පොළොව ශ්‍රී ලංකාවේ පාරම්පරික ගෘහ නිර්මාණ ලක්ෂණ ඉස්මතු කිරීමට සමත් වේ. සරල රේඛීය හැඩතල ඔස්සේ සැකසුණු මෙම නිවස අභ්‍යන්තරය ශ්වේතවර්ණ බිත්ති සහ ශ්වේත වර්ණ ටෙරසය ආධාරයෙන් දිවා කාලයේ ආලෝකමත් වන අතර එමඟින් නිවස තුළ විහිදුණු ඉඩ කඩක සේයාවක් මවා පායි. මී පස අභ්‍යන්තරයේ නිශ්චිතව මායිම් නොවූ ඉඩකඩ නිසා වැඩි ඉඩකඩ පෙන්නුම් කරන අතර එම නිර්මාණ ප්‍රවේශය ගතානුගතික සීමාවෙන් ඔබ්බට යයි.
Photographs: Dilanka Bandara
Contact the Architect here.
Find us on instagram for more Sri Lankan architectural projects
Information source – archdaily.com
Comments 1