වාස්තු විද්‍යාවේදී H.W.D. මියුරාජ් විසින් නිර්මාණය කල කුසල් ඇහැළආරච්චි මහතාගේ සොඳුරු නිවහන

  • ව්‍යාපෘති ස්ථානය: : මාතර
  • ව්‍යාපෘති වර්ශය : 2020
  • ව්‍යාපෘති වර්ගඵලය : 5878 ft2
  • ඉඩමේ ප්‍රමාණය : පර්චස් 14

මෙම නිවස මාතර නගරයේ තරමක් ජනාකීර්ණ ප්‍රදේශයක පිහිටා ඇත. නිදන කාමර 5 ක්, තටාකයක්, සෝපානයක් සහ වෙනත් අනෙකුත් පහසුකම් වලින් සමන්විත මෙම නිවස තෙමහල් නිවසකි.

නිවසේ බිම් මහල (2224 ft2) ද්විත්ව ගරාජය, විසිත්ත කාමරය, කෑම කාමරය, ආලින්දය, මුළුතැන්ගෙය, ගබඩා කාමරය, සේවක කාමරය සහ සේවක වැසිකිළිය, රියදුරු කාමරය, ජෙනරේටරයක් සහිත කාමරය  යන පහසුකම් වලින් සමන්විත වේ. මෙහි පළමු මහල (2136 ft2) රූපවාහිනී විවේකාගාරය, අධ්‍යයන ප්‍රදේශය, අමුත්තන්ගේ නිදන කාමරය සමඟ නාන කාමරය, පොදු නාන කාමරයක් සහ ආලින්දයක් සහිත නිදන කාමර දෙකක් යන පහසුකම් වලින් සමන්විත වන අතර දෙවන මහල (1518 ft2) ඩ්‍රෙසිං රූම් එකක් සහ නාන කාමරයක් සහිත ප්‍රධාන නිදන කාමරයක්, විවෘත එළිමහන් මණ්ඩපයක්, පිහිනුම් තටාකයක් සහ කුඩා නිදන කාමරයකින් සමන්විත වේ.

භාවිතා කරන ලද සංකල්ප

මෙය නිවසේ අවකාශයන් අතර මෙන්ම, කාර්යබහුල ජීවන රටාවක්  ගත කරන පවුලේ සාමාජිකයන් අතරද උපරිම සම්බන්ඳතාවක් ඇතිවන පරිදි සැලසුම් කර ඇති නිවසකි. නිවසේ පලමු මහල ප්‍රධාන වශයෙන් වෙන් කර ඇත්තේ නිවැසියන්ගේ පොදු කර්තව්‍යයන් සහ අමුත්තන්ගේ කටයුතු සඳහායි. දෙවන මහල ප්‍රධාන නිදන කාමරය සමගින් විවෘත එළිමහන් මණ්ඩපයක් සහ පිහිනුම් තටාකයක් එක් කරමින් සැලසුම් කර ඇත්තේ සේවාදායකයාට එම මහල පෞද්ගලික අවකාශයක් ලෙස අවශ්‍ය වු නිසාවෙනි.

නිවසේ පොදු අවකාශයන්හි මූලික අමුද්‍රව්‍ය වශයෙන් දැව භාවිතා කර ඇත. එය නිවෙස තුළ සන්සුන් පරිසරයක් නිර්මාණය කිරීමට විශාල දායකත්වයක් සපයා ඇති අතරම නිවෙසට සාම්ප්‍රදායික පෙනුමක්ද ලබා දෙයි. නිදන කාමරයන්හි බිම, සාම්ප්‍රදායික පෙනුම වෙනස් ආකාරයකින් ලබා දීම සඳහා කට්සිමෙන්ට් ෆ්ලෝ(ර්) (cut-cement floor) එකක් ලෙස නිර්මාණය කර ඇත.

මෙහිදි, නිවස සැලසුම් කිරීමේදී ප්‍රධානව භාවිතා කරන ලද අමුද්‍රව්‍ය වන දැව සහ ස්වාභාවික සිමෙන්ති යන අමුද්‍රව්‍ය වල වර්ණය සමග පිටත පරිසරයේ දැකගත හැකි හරිත පැහැය වැනි ස්වාභාවික වර්ණ පටිපාටියට අමතරව වෙනත් කිසිදු වෙනස් ආකාරයේ වර්ණයක් මෙම නිවස නිර්මාණයේදී භාවිතා කර නොමැත.    

සේවාදායකයාගේ කැමැත්ත අනුව නිර්මාණය කල ගෘහ භාණ්ඩ සම්පුර්ණ නිවස සඳහාම භාවිතා කර ඇත. නිවසේ අනෙකුත් සියලුම අභ්‍යන්තර අලංකාරනයන් නිවස සැලසුම් කිරිමට යොදාගත් වාස්තු විද්‍යාත්මක තේමාව වැඩි දියුණු වී නිරෑපනය කිරීමට හැකිවන පරිදි තෝරාගෙන ඇත. මෙම නිවසේ අභ්‍යන්තර සැලසුම, යොදාගත් ගෘහ භාණ්ඩ සහ පිටත භූමි නිර්මාණය යන සියල්ල එකට එක්ව ඉතා පුළුල් වාස්තු විද්‍යාත්මක අංගයක් නිර්මාණය වන පරිදි මෙම නිවස නිර්මාණය කර ඇත.

ව්‍යාපෘතියේ මුළු පිරිවැය: රුපියල් මිලියන 70 (ගෘහ භාණ්ඩ සමඟ)

ඡායාරූප : අමිල රත්නායක

ගෘහ නිර්මාණ ශිල්පියා සම්බන්ධ කර ගැනීමට මෙතන Click කරන්න.

ශ්‍රී ලංකාවේ තවත් වාස්තු විද්‍යාත්මක හා අභ්‍යන්තර අලංකරණ ව්‍යාපෘති සඳහා Instagram  හි අපව Follow කරන්න 🙂

දැන්ම Subscribe කර ඉදිරියේදී පළ වන ලිපි පිළිබඳව නිරන්තරයෙන් යාවත්කාලීන වන්න.

Newsletter Updates

Enter your email address below to subscribe to our newsletter

Leave a Reply