SLIA Design Award 2017 – Award of Excellence
Project Floor Areas:
Ground Level = 1679.17 sq. ft.
First Level = 1437 sq. ft.
Terrace Level = 356.28 sq. ft.
Total Area = 3472.45 sq. ft.
සීමිත වූ ඉඩක වුවද මැනවින් නිම වී ඇති මෙම නිවස සරල බව සංකල්ප කොට ගත් එහෙත් කුඩා ඉඩ පවා මැනැවින් සවිස්තරව නිර්මාණය වී ඇති වෙනස්ම ආකාරයේ නිවසකි.
නිවසේ විවෘත බව නිසා ස්වභාවික ආලෝකය මඟින් නිවස දහවලේ දී ආලෝකමත් වන අතරම මැනවින් වායුසමනය ද සිදුවේ. දුර්වල වූ පසක වුවද, නිර්මාණකරුගේ දක්ෂතාවය මත ස්ථායීව පවතින මෙම නිවස නිවර්තන කාලගුණයෙන් හා මෝසම් වැසි වලින් ආරක්ෂා කිරීම උදෙසා උත්සාහ ගත් බව මැනවින් පසක් වේ. නිවස තුල ඇති ඉඩකඩ අතර සම්බන්ධතාවයක් පවතින සේ සීමා රහිත ව ඇතැම් ස්ථාන නිමවා ඇති බැවින් නිවස තුළ වැඩි ඉඩක සේයාවක් මවාලයි.


නිවසේ ඉහළ මහල නිදන කාමර දෙකකින් යුක්ත වන අතර එහි විවේක ස්ථානය හැකිලිය හැකි දැවමය ජනේල වලින් ආවරණය වේ. මෙමඟින් නිවසෙහි ඉහළ කොටසට පැමිණෙන පැමිනෙන ආලෝකය හා වායු ධාරාව පාලනය සිදු වේ. නිවසේ ප්රධාන ස්ථානය කරා දිවෙන පඩිපෙළ උදෑසන හිරු එළියෙන් වර්ණවත් වන අතර එම ස්ථානයේ සිට ඉදිරියෙන්ම ඉදිරියෙන් වූ ඇළ මාර්ග පද්ධතිය හා ඒ හා බැඳුණු සරුසාර හරිත පෙදෙස මැනවින් විඳිය හැක.


සරල බව සංකල්ප කරගත් මෙම නිවසේ ගෘහ භාණ්ඩ පවා ඊට අදාළ වන සේ සකසා ඇත්තේ ගෘහයේ හිමිකරුගේ අපේක්ෂාවන්ට මුල් තැන දෙමිනි.
Photographs: Eresh Weerasuriya
Contact the Architect here
Find us on instagram for more Sri Lankan architectural projects
දැන්ම Subscribe කර ඉදිරියේදී පළ වන ලිපි පිළිබඳව නිරන්තරයෙන් යාවත්කාලීන වන්න.