විසිතුරු වේවැල් භාණ්ඩ සමඟ ඔබේ නිවසටත් වෙනස්ම අලංකාරයක්

රදාවඩුන්න කියන්නෙ ලංකාවෙ වේවැල් කර්මාන්තයට ඉතාම ප්‍රසිද්ධ ප්‍රදේශයක්. සියවස් කිහිපයක් ඈතට දිව යන දිගු ඉතාහාසයක් වේවැල් කර්මාන්තය හා සම්බන්ඳව මෙම ප්‍රදේශයට පවතිනවා. කොළඹ නුවර මාර්ගයේ ගමන් කරන ඕනෑම අයෙකුට මාර්ගය දෙපස සිට වේවැල් වලින් නිමවන ලද විවිධ ආකාරයේ විසිතුරු භාණඩ රාශියක් දැකබලා ගැනීමේ සහ මිලදී ගැනීමේ හැකියාව මෙහිදී ලබාගන්න පුළුවන්.

රදාවඩුන්න කියන්නෙ ලංකාවෙ වේවැල් කර්මාන්තයට ඉතාම ප්‍රසිද්ධ ප්‍රදේශයක්. සියවස් කිහිපයක් ඈතට දිව යන දිගු ඉතාහාසයක් වේවැල් කර්මාන්තය හා සම්බන්ඳව මෙම ප්‍රදේශයට පවතිනවා. කොළඹ නුවර මාර්ගයේ ගමන් කරන ඕනෑම අයෙකුට මාර්ගය දෙපස සිට වේවැල් වලින් නිමවන ලද විවිධ ආකාරයේ විසිතුරු භාණඩ රාශියක් දැකබලා ගැනීමේ සහ මිලදී ගැනීමේ හැකියාව මෙහිදී ලබාගන්න පුළුවන්.

දශක කිහිපයකට පෙර මෙම ප්‍රදේශයේ විසූ පවුල් ගණනාවකගේම ජීවනෝපාය වූ වේවැල් කර්මාන්තය, අද වන විට පවුල් කිහිපයකට සීමා වෙලා තියනව. මේ පවුල්වලත් මෙලෙස මෙම කටයුත්තේ නියැලී සිටින්නේ මැදි වයසේ සහ තරමක් වයස්ගත පුද්ගලයන් වීම මෙහිදී අප දුටු විශේෂත්වයක් වුණා. කෙසේ වෙතත් ඔවුන් සමඟ සිදුකල කතා බහෙන් මෙම කර්මාන්තය අදවන විට මුහුන පා ඇති තත්ත්වය සහ කර්මාන්තයේ නියැලෙන නිර්මාණශිල්පීන්ට මුහුන දීමට සිදුවී ඇති අර්බුදකාරී ක්‍රියා පටිපාටි පිළිබඳවත් අපිට දැනගන්නට පුළුවන් වුනා. ඔවුන් පවසන ආකාරයට අමුද්‍රව්‍ය හිඟකම, වේවැල් සම්බන්ධ නව නිර්මාණ බිහි නොවීමත්, තරුණ සහ කර්මාන්තයේ පළපුරුද්දක් ඇති නිර්මාණශිල්පීන්ගේ හිඟකමත් ප්‍රධාන ගැටලු ලෙස දක්වන්න පුළුවන්.

රදාවඩුන්නේ වේවැල් නිර්මාණ
රදාවඩුන්නේ වේවැල් නිර්මාණ

ශ්‍රී ලංකාවේ ගත්කල අම්පාර, මොනරාගල, පොළොන්නරුව වැනි ප්‍රදේශවලවලින් වේවැල් කර්මාන්තය සඳහා අමුද්‍රව්‍ය ලබා ගැනීම සිදු කරනු ලබනවා. දැනට පවතින නීති පද්ධතිය හමුවේ අවශ්‍ය දිගින් යුත් වේවැල් නිර්මාණ සඳහා ලබා ගැනීමට නොහැකි වීම්ත්, මෙම අමුද්‍රව්‍ය පදම් කර නියත ඝනකමකට සකස්කර නොමැති නිසා modern art designs සඳහා කරන නිර්මාණවලදී අවසන් නිර්මාණයේ ගුණාත්මකභාවය තරමක් අඩු වන නිසාත් නිර්මාණකරුවන් අද වන විට ආනයනික අමුද්‍රව්‍ය භාවිතා කිරීමට පෙළඹී සිටිනු දැකගත හැකියි. තවද ලංකාවෙන් ලබා ගන්නා අමුද්‍රව්‍ය වල ශක්තිමත් භාවය ඉහළ බවත්, ආනයනය කරන අමුද්‍රව්‍යවල පෙනුම සිත් ඇදගන්නා සුළු බවින් වැඩි බවත් ඔවුන් අප සමග පවසා සිටියා. සිත් ඇදගන්නා සුළු බවින් වැඩි ආනයනික අමුද්‍රව්‍යවලින් නිමවන ලද භාණ්ඩ සඳහා වෙළෙඳපොළ වැඩි ඉල්ලුමක් පවතින බවත් තවදුරටත් ඔවුන් සඳහන් කර සිටියා.

පරිසර හිතකාමී අමුද්‍රව්‍යයක් වන වේවැල්වලින් නිම කරන ලද ඇඳන්, පුුටු විසිතුරු භාණ්ඩ වැනි දෑ අවුරුදු 25 කටත් වඩා අධික කාලයක් වුවද භාවිතා කිරීමේ හැකියාවත්, ස්වභාවික අමු අමුද්‍රව්‍ය භාවිතා කරන බැවින් සෞඛ්‍ය හිතකර බවත්, වේවැල් භාණ්ඩ භාවිතා කිරීමේදී අත්විඳිය හැකි වාසි ලෙස සඳහන් කරන්න පුළුවන්.

ඒ වගේම වාස්තු විද්‍යාත්මක නිර්මාණ සඳහා ද වේවැල් බහුලව වශයෙන් භාවිතා වන බවත් වාස්තු විද්‍යාත්මක ශිල්පීයන්ට අවශ්‍ය පරිදි ඕනෑම හැඩයකින් යුත් නිර්මාණ වේවැල් භාවිතයෙන් සිදු කළ හැකි බවත් නිර්මාණ ශිල්පීන් අප සමඟ පවසා සිටියා.

වේවැල් වලින් නිම වන ලද පුටුවක්
Source – interior3000.com
අභ්‍යන්තර අලංකරණය සඳහා වේවැල් භාවිතය
Source – i.pinimg.com

ඉතින් අද වන විට අභාවයට යමින් පවතින ශ්‍රී ලාංකික අපේම ඉපැරණි කර්මාන්තයක් වන වේවැල් කර්මාන්තය නඟා සිටුවීම අප සැමගේම වගකීමක් බව අපි හිතනවා. ඒ වගේම මේ දිගු කලක් පවතින පරිසර හිතකාමී වේවැල් භාණ්ඩ සමග ඔයාලගේ නිවෙසටත් අලුත්ම පෙනුමක් එකතු කර කරගන්න කියන ආරාධනාවත් සමගින් අපි මේ ලිපිය අවසන් කරනවා.

රදාවඩුන්නේදී වේවැල් කර්මාන්තය පිළිබඳව අපි කරපු සාකච්ඡාවක් පහලින් නරඹන්නත් පුළුවන්


ස්තුතියි!

Default image
Team Heavenz
Articles: 97

Newsletter Updates

Enter your email address below to subscribe to our newsletter

Leave a Reply