ෆෙයාර් ෆේස්ඩ්(Fair-Faced) කොන්ක්‍රීට් සමග ඔබේ සිතැඟි අදහස් ගොඩනගමු

ෆෙයාර් ෆේස්ඩ් යෙදුමේ අර්ථය පරිද්දෙන්ම මෙම තාක්ෂණය භාවිතා කරමින් නිර්මාණය කරන ලද කොන්ක්‍රීට් නිමැවුම් වල ඒකාකාර, විෂමතා(Uncomformities) වලින් තොර කලාත්මක මතුපිටක් ලබා ගත හැක.
Source – Project 101 house / Pinterest.pt

මුල් යුගයේ කොන්ක්‍රීට් ආශ්‍රිත නිමැවුම් හුදෙක් බර දරා ගැනීමේ හැකියාව සහ අඩු පිරිවැය යන කරුණු මත පදනම් කොටගෙන නිර්මාණය වීම බහුලව දක්නට ලැබිණි.  නමුත් කාලීන සමාජයීය පරිණාමනය සමඟ හුදෙක් බර දරා ගැනීමේ හැකියාව සහ අඩු පිරිවැය යන සාධක මත පමණක් පදනම්ව කොන්ක්‍රීට් භාවිතා කිරීම වෙනුවට කලාත්මක/සෞන්දර්යාත්මක, සිත් ඇදගන්නා සුළු, කොන්ක්‍රීට් ආශ්‍රිත ගොඩනැගිලි හා නිර්මාණ කෙරිහි නැඹුරුතාවක් පසුගිය දශකය පුරාවට දක්නට ලැබිනි. ස්වයං සංයුක්ත කොන්ක්‍රීට් හී කැපී පෙණෙන දියුණුව හේතු කොටගෙන එකෙනකට වෙනස් වූ හැඩතල වලින් හා ගුණාත්මක බවින් ඉහළ මතුපිටක් සහිත කොන්ක්‍රීට් නිර්මිතයන් සඳහා අවකාශ විවර වී ඇත.

සුලබ කොන්ක්‍රීට් අමුද්‍රව්‍ය වන වාර්ගික 30(Grade 30) වන OPC සිමෙන්ති, සුමුදු වැලි, මැටල්(Metal) සහ ගුණාත්මක බවින් ඉහල ලී / ඇලුමීනියම් සැකසුම් ආකෘති(Formwork) භාවිතා කිරීම මගින් නිවසේ සිට ඔබ හටද පහසුවෙන් ඔබගේ සිතැඟි පරිදි ගොඩනැගීම් කටයුතු  සිදු කරගැනීමට මෙම තාක්ෂණය ඉඩ විවර කිරීම විශේෂත්වයකි.

ෆෙයාර් ෆේස්ඩ් කොන්ක්‍රීට් හඳුනාගමු

Source – Panels / livingconcrete.co.uk

ෆෙයාර් ෆේස්ඩ් යෙදුමේ අර්ථය පරිද්දෙන්ම මෙම තාක්ෂණය භාවිතා කරමින් නිර්මාණය කරන ලද කොන්ක්‍රීට් නිමැවුම් වල ඒකාකාර, විෂමතා(Uncomformities) වලින් තොර කලාත්මක මතුපිටක් ලබා ගත  හැක.

වැඩබිමේ කොන්ක්‍රීට් නිපදවමින් සහ තැන්පත් කිරීම වෙනුවට කර්මාන්තශාලා හී පෙර සැකසුම් කරන ලද ගුණාත්මක නිමාවකින් යුතු කොන්ක්‍රීට් පැනල් ලෙස හෝ අවශ්‍ය හැඩයන්ට අනුකූලව නිර්මාණය කර ලබා ගත හැකිවීම ඔබේ අදහස් එලෙසම ප්‍රයෝගිකව ඉදිකිරීමට වඩාත් පුළුල්ව ඉඩ හසර ලබා දෙයි.

කොන්ක්‍රීට් භාවිතා කරමින් නිර්මාණය කරන ලද ආකෘතියක සාම්ප්‍රදායිකව බලාපොරොත්තු වන බර දරා ගැනීමේ හැකියාව සහ අඩු පිරිවැය යන සාධක වලට අනුකූලවෙමින් මෙම තාක්ෂණය භාවිතා කිරීමට හැකිවීම ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දක්නට ලැබුණු ප්‍රබල පෙර පිම්මකි.

ෆෙයාර් ෆේස්ඩ් කොන්ක්‍රීට් නිමැයුමක ගුණාත්මක බව ප්‍රධාන වශයෙන් කොටස් 3 ක් මත රඳා පවතී. ඒවා නම්, සැකසුම්ආකෘතිය (Form Work), කොන්ක්‍රීට්මිශ්‍රණය (Concrete Mixture) සහකොන්ක්‍රීට්තැන්පත්සහප්‍රතිසාධනය (Concrete Placing and Curing) ලෙස දැක්විය හැක.

සැකසුම් ආකෘතිය (Form Work)

Source – The Formwork / Paschel.de

ෆෙයාර් ෆේස්ඩ් කොන්ක්‍රීට් මතුපිටක සෞන්දර්යාත්මක එසේත් නැතිනම් කලාත්මක ගුණාංග මුළුමනින්ම වාගේ රඳාපැවතීම සිදුවන්නේ යොදා ගන්නා සැකසුම් ආකෘතිය(Formwork) හි ගුණාත්මක භාවය මතය. මෙම ආකෘතිය මුළුමනින්මකාන්දුවලින්තොරවීම අනිවාර්යය කරුණක් වන අතර එසේ නොවුනහොත් බලාපොරොත්තු වන ගුණාත්මක බවින් ඉහළ මතුපිටක් ළගා කර ගැනීම අපහසු වීමට ඉඩ ඇත.

සැකසුම් නොකරන ලද ලී වැනි අමුද්‍රව්‍ය සැකසුම් ආකෘතිය නිර්මාණය කිරීමේදී යොදා ගැනීම කොන්ක්‍රීට් මතුපිටේ දුර්වර්ණ ස්වභාවයන් හා දූවිලිමය ස්වභාවයන් වැනි පසුගාමී ගුණාංග ඇති කරවීම සිදු කරවයි. එබැවින් ෆෙයාර් ෆේස්ඩ් කොන්ක්‍රීට් තාක්ෂණය භාවිතා කිරිමේදී යොදාගන්නා සැකසුම් ආකෘති (Formwork) අමුද්‍රව්‍ය පිළිබඳ දැඩි අවධානයක් යොමු කිරීම අනිවාර්යය කරුණකි.

ෆෙයාර් ෆේස්ඩ් කොන්ක්‍රීට් මතුපිටයන් හි සුලබ, විවිධ වයනයන් (Textures) ඇති කිරීම සිදු කරනු ලබන්නේද සැකසුම් ආකෘතිය (Formwork) සඳහා භාවිතා කරන අමුද්‍රව්‍ය භාවිතයෙනි. එකිනෙකට වෙනස් වූ වයනයන් (Textures) ඇති කරවීමට සුලබව අමුද්‍රව්‍ය ලෙස කෘෂ ලෙස ඉරා දැමූ දැව (Rougly Sawn Timber), යකඩ සහ ඇලුමීනියම් යොදා ගැනීම සිදු කරයි.

අදාල ලිපියක් : මිල අඩු පරිසර හිතකාමී CEBs වලින් ඔබේ නිවසත් ගොඩනගමු

කොන්ක්‍රීට් මිශ්‍රණය (Concrete Mixture)

Source – Formwork and Finishes /ConcreteCenter.com

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සුලබම ඉදිකිරීම් අමුද්‍රව්‍ය ලෙස භාවිතා වන කොන්ක්‍රීට් සාමාන්‍ය භාවිතයේදී මතුපිට කෘෂ හා විවිධ සංකූලතා වලින් යුක්ත වීම සෑමවිටම දක්නට ලැබෙයි. මෙම ලක්ෂණය බැහැර කරමින් ඒසේත් නැතිනම් අවම කරමින් නිර්මාණය කරන ෆෙයාර් ෆේස්ඩ් නිර්මිත සඳහා භාවිතා කරන කොන්ක්‍රීට් පෙර මිශ්‍රනය නිපදවීමට භාවිතා කරන අමුද්‍රව්‍ය සාමාන්‍ය කොන්ක්‍රීට් සඳහා භාවිතා කරන අමුද්‍රව්‍ය වලට වඩා වෙනස් ස්වරූපයක් උසුළයි. ඒවා නම්,

  • සියුම් කාරක (Fine Aggregrate) (වැලි ) එක් කිරීම හැකිතාක් අවම කිරීම.
  • මිශ්‍රණයේ ඝනත්වය 300 kgm-3   ට වඩා ඉහළ අගයක පවත්වා ගැනීම.
  • අවශ්‍ය ප්‍රමාණය නොඉක්මවන පරිදි  ජලය එකතු කිරීම – මිශ්‍රණයේ උච්චායනයන් (Fluctuations) හා ගැලීම් (Bleedings) වලක්වා ගැනීමට
  • අවශ්‍ය කරන ශක්තිය,වර්ණය හා වයනයන්ට (Textures) අනුකූල වන පරිදි සිමෙන්ති වර්ගය තෝරා ගැනීම.

 කොන්ක්‍රීට් තැන්පත් සහ ප්‍රතිසාධනය (Concrete Placing and Curing)

Concrete Curing Systems (Source –Constructionreviewonline.com)

කොන්ක්‍රීට් නිමාවේ ගුණාත්මක බව සහ පරිපූර්ණ බව වඩාත් තහවුරු කිරීමට නම් වැඩි අවධානයක් තැන්පත් කිරීම හා ප්‍රතිසාධනය කිරීම සඳහාද යොමු කිරීම අත්‍යාවශ්‍ය වේ. ඒ සඳහා පහත ක්‍රියා මාර්ග අනුගමනය කිරීම සිදුකල හැක.

  • ඝනකම 300 mm – 500 mm අතර වූ ඒකාකාර(Uniform) කොන්ක්‍රීට් ස්ථර (Layors) ලෙස කොන්ක්‍රීට් තැන්පත් කිරීම.
  • සෑම ස්ථරයක්ම පහතින් ඇති ස්ථරය සමඟ මැනවින් සම්බන්ධ වන පරිද්දෙන් හා මිශ්‍රණය ඇතුළත වන වායු බුබුළු ඉවතට එන පරිද්දෙන් (Expulsion) ස්ථරය හොඳින් කම්පනය (Vibrate) කරවීම.

මෙහිදී භාවිතා වන කොන්ක්‍රීට් හී ප්ලාස්ටිමය (Plasticity) හැසිරීම හොඳින් පැවතීම අනිවාර්යය වන අතර එසේ නොවන්නේ නම් සෙමෙන් හා ක්‍රමාණුකූල කොන්ක්‍රීට් (Soft – Consistent Installation of Concrete) තැන්පත් කිරීම සිදු කිරීමට බාධා විය හැක. මෙවන් විශේෂ ගුණාංග කොන්ක්‍රීට් මිශ්‍රණයට ලබා දීම සඳහා විවිධ වැඩිකාරක (Enhancers) මිශ්‍රණයට ඇතුලත් කිරීම ෆෙයාර් ෆේස්ඩ් කොන්ක්‍රීට් කර්මාන්තයේදී සුලබව සිදු කරයි. එලෙස බහුලව භාවිතා වන වැඩිකාරක (Enhancers) කිහිපයක් පහත වගුගත කර ඇත.

වැඩිකාරකය
(Admixture/Enhancer)
භාවිතය
පුස් ඉවත්කාරකය (Mold Releasing Agent )
(eg:- AquaCon)
පිරිසිදු කිරීම පහසු කරවීමට
මතුපිට වැඩිදියුණු කාරකය (Surface Improver)
(eg:- Emulsion93)
මතුපිට දක්නට ඇති කුඩා සිදුරු (Pores) හා කා වැදුනු සිදුරු (Blow Holes) වළකාලමින් ගුණාත්මක බවින් ඉහළ මතුපිටක් ලබගැනීමට.
ප්‍රතිසාධන කාරක
(Curing Agents)
(eg:- Ecocore)
පූර්ව/ නොමේරූ ප්‍රතිසාධනය (Premature Curing) වළක්වාලීමට
වර්ණක
Colouring
අවශ්‍ය වර්ණකයන් ඒකාකරව පෘෂ්ඨය මත ලබා ගැනීමට
සුපර් ප්ලාස්ටිසයිසර්
Super Plasticizer
(eg:- Kingsun)
ශක්තිය වැඩි කිරීමට
පාරගම්‍යතාව (Permeability) වළක්වාලීමට

ෆෙයාර් ෆේස්ඩ් කොන්ක්‍රීට් භාවිතයේ වාසි

1. කපරාරුව (Plastering) සඳහාපිරිවැයඉවත්කිරීමටහැකිවීම

වර්තමාන දේශීය ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වර්‍ග මීටර 1 කපරාරු කිරීම සඳහා රු. 120.00 – රු. 130.00 අතර පිරිවැයක් දැරීමට සිදු වේ. ෆෙයාර් ෆේස්ඩ් කොන්ක්‍රීට් නිර්මිත වලට යොමු වීම මගින් කපරාරුව සඳහා වැයවන පිරිවැය සම්පූර්ණයෙන් ම පාහේ ඉවත් කිරීමට හැකියාව ලැබේ.

ග්‍රයින්ඩින්
(Grinding)
ඒකීය (Even) පෘෂ්ඨයක් ලබා ගැනීමට
පිරවීම සහ අවශ්‍ය නම් ග්‍රයින්ඩින් කිරීම
Filling (If Needed & Grinding)
හනිකෝම්බ් (Honeycomb) වැනි විෂමතා පවතී නම් පුරවා යළි ග්‍රයින්ඩ් කිරීම.
කොන්ක්‍රීට් නිමාව
Concrete Finish
මෙම කොන්ක්‍රීට් නිමාව බාහිර නිරාවරණය වූ ගොඩනැගිලි සඳහා වඩාත් යෝග්‍ය වේ. (ගබඩා ගොඩනැගිලි, කර්මාන්තශාලා)
ස්කිම් කෝට් ආලේපය
Applying Skim Coat

පුටි (Putty) හෝ අළුහුණු (Lime) ස්ථරයක් කොන්ක්‍රීට් මතුපිට ආලේප කිරීම.
තීන්ත ආලේපය
Painting

ඕනෑම ඇතුළතකට ගැළපෙන සුමට මතුපිටකින් යුතු නිමාවක් ලඟා ගත කර ගත හැක.

2. විව්ධ ප්‍රමාණ වලින් පෙර සකසන ලද පැනල්  (Panel) ලබා ගත හැකි වීම

Source – Panels / livingconcrete.co.uk

කොන්ක්‍රීට් වැඩබිමේ සාදා තැන්පත් කර ග්‍රයින්ඩ් (Grind) කිරීම වෙනුවට පෙර සැකසුම් කරන ලද ගුණාත්මක නිමාවකින් යුතු පැනල් අවශ්‍ය ප්‍රමාණයට වෙළඳපොළෙන් මිල දී ගැනීමට අවස්ථාව ඇත. එමගින් වඩාත් වාසිදායක ලෙස පිරිවැය අවම කරගැනීමට අවස්ථාවද සැලසේ.

Modern Concrete (Source – Structures / Ar.pinterest.com)

මෙම පැනල් භාවිතා කරමින් මහල් ගොඩනැගිලි නිර්මාණය කිරීමද වඩාත් කාර්යක්ෂම ලෙස සිදු කල හැක. මෙම පැනල් වල සාම්ප්‍රදායික කොන්ක්‍රීට් නිර්මාණ වල පවතින බර දරා ගැනීමේ හැකියාව වඩාත් හොඳින් පවතින් බැවින් කුළුණු වලින් තොරව මහල් ගොඩනැගිලි ඉදිකිරීමේ හැකියාවද වර්තමාන ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දක්නට ලැබේ. මෙම කොන්ක්‍රීට් පැනල් වල පවතින මනා නිමාව හේතුකොටගෙන කපරාරුව සහ ස්කිම් කෝට් සඳහා යන පිරිවැය අවම කරගැනීමට හැකිවීමද වාසිදායකය.

3. අමුද්‍රව්‍ය අපතේ යාම අවම වීම

Concrete Chipping Site (Source – Shutterstock.com)

කොන්ක්‍රීට් හෝ සිමෙන්ති මිශ්‍රණයන් වැඩබිමේදී සකසා කර භාවිතා කිරීමේදී, සැකසීම, ප්‍රවාහනය, තැන්පත් කිරීම යන සියළුම ක්‍රියා අවස්ථාවන් හීදී අපතේ යෑම සිදුවේ.

ෆෙයාර් ෆේස්ඩ් කොන්ක්‍රීට් තාක්ෂණයේදී කපරාරුව සිදු නොවන බැවින් ඒ හේතු කොටෙගන සිදුවන අපතේ යෑම් මුළුමනින්ම වැළක්වෙන අතර පෙර සැකසුම් කොන්ක්‍රීට් පැනල් භාවිතා කරන්නේ නම් කොන්ක්‍රීට් අපතේ යෑමද අවමයක් කරා ළඟා කර ගැනීම සිදු කල හැක.

4. විවිධාකාරහැඩතලයන්කොන්ක්‍රීට්ආශ්‍රයෙන්නිර්මාණයකිරීමටහැකිවීම

Source – Shapes / structureae.net

ගැළපෙන අමුද්‍රව්‍ය හා සැකසුම් ආකෘති සමග ඕනෑම ආකාරයේ හැඩතලයකින් යුතු කොන්ක්‍රීට් නිර්මිතයන් සඳහා අවස්ථාව ෆෙයාර් ෆේස්ඩ් කොන්ක්‍රීට් මගින් ළගා කර දී ඇත.  හැඩතලයන්ට සීමා නොවී කලාත්මක හා සෞන්දර්යාත්මක නිමාවක් සහිත කොන්ක්‍රීට් නිර්මිතයන් සඳහා ද වර්තමාන වාස්තු විද්‍යාව ඔස්සේ  දොරටු විවරව ඇත.


සම්පත් දායකත්වය

දුමිඳු ගුණතිලක
සිවිල් ඉංජිනේරු


Click to see References 📚
  • The Benefits of Fair-Faced Concrete in Residential Design with Architect/Asaf Gottesman/18th December 2018
  • Fair-Faced Concrete Panels/Living Concrete/15 March 2020
  • Fair Faced Concrete/Building Trust (Sika)
  • What is fair faced concrete/ Paschel/ 21st December 2018
Default image
A. Premakumara
සිවිල් ඉංජිනේරු පීඨය මොරටුව විශ්වවිද්‍යාලය
Articles: 1

Newsletter Updates

Enter your email address below to subscribe to our newsletter

Leave a Reply