රෝහිත ලියනගේ මහතා රචිත නිවහනක් ඉදිකිරීමට උපදෙස් අත්පොත

තමන්ටම කියල ලස්සන නිවහනක් හදාගන්නව කියන්නෙ අපි හැමෝටම තියන ලොකු හීනයක්. කාලයක් තිස්සෙ බලාපොරොත්තු තියාගෙන බැංකු පොත්වල සල්ල එකතු කරල ටික ටික වැඩේ පටන් ගන්නකොට තමයි තමන් නොහිතපු විදියේ කරුණූ කාරණා වලට මුහුන දෙන්න වෙන්නෙ.

තමන්ටම කියල ලස්සන නිවහනක් හදාගන්නව කියන්නෙ අපි හැමෝටම තියන ලොකු හීනයක්. කාලයක් තිස්සෙ බලාපොරොත්තු තියාගෙන බැංකු පොත්වල සල්ල එකතු කරල ටික ටික වැඩේ පටන් ගන්නකොට තමයි තමන් නොහිතපු විදියේ කරුණූ කාරණා වලට මුහුන දෙන්න වෙන්නෙ. හොඳ තැනකින් බලල ඉඩමක් ගන්න එක, නිවස තමන්ට ඕන විදියට design කරගන්න එක. හොඳ කොන්ත්‍රාත්කරුවෙක් සොයා ගන්න එක මේ හැමදේම හිතන තරම්ම ලේසි දේවලුත් නෙවෙයි. හැමදාම ගෙවල් හදන්නෙත් නෑ වගේම ගෙවල් දෙක තුන හැදන අයත් ගොඩක්ම අඩුයි. ඉතින් හදන එකම ගෙදර හරි විදියට හදාගන්න එක තමයි අපි හැමෝගෙම හීනය වෙන්නෙ. අන්න ඒ නිසයි මේ හැමදෙයක් ගැනම ටිකක් දැනුවත් වෙලා ඉන්න එක අපි කාටත් වටින්නෙ.

ඉතින් අද අපි කතා කරන්න යන්නෙ මේ සම්බන්ධව මනාව කරුණු දක්වල සරලව ලියල තියන පොතක් ගැන. ශ්‍රී ලංකාව තුල සැබැවින්ම මේ සම්බන්ධ ගුණාත්මක විස්තර දැනගන්න තියන මූලාශ්‍ර ඉතාම විරලයි. සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන සහ දැනගන්න ලැබෙන නොයෙකුත් වැරදි මත නිසා ගොඩක් දෙනෙක් ඉදිකිරීම් සම්බන්ධ නිවැරදි නොවන ක්‍රම අනුගමනය කරන්නත් යොමු වෙලා ඉන්නව දැක ගන්න පුළුවන්. ඉතින් අද අපි කියන්න යන දේ ඒ හැම දේකටම හොඳ විසඳුමක් වේවි.

මෙම පොතෙහි කර්තෘ වන රෝහිත ලියනගේ මහතා, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අවුරුදු 40කට අධික පලපුරුද්දක් ඇති ඉදිකිරීම් උපදේශකවරයෙක්. කොළඹ නාලන්ඳා විද්‍යාලයෙන් තම මූලික අධ්‍යාපනය ලබා ගන්න මෙතුමන් මොරටුව විශ්වවිද්‍යාලයට අනුබද්ධ ජාතික තාක්ෂණික ඩිප්ලොමාව සිවිල් ඉංජිනේරු අංශයෙන් ලබා ගන්නත් සමත් වෙනවා. පසුව ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාවේ ඉදිකිරීම් අධිකාරීවරයෙකු ලෙස තම වෘත්තීයෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයට පිවිසී දෙස් විදෙස් ව්‍යාපෘති රැසකට තම දායකත්වය ලබා දෙමින් දශක ගණනාවක් මෙම ක්ෂේත්‍රයේ අත්දැකීම් ලබා ගන්නත් මෙතුමන්ට හැකියාව ලැබෙනවා.

2018 වර්ෂයේදී, කුරුණෑගල වැඩබිමකදී එතුමන්ට මුහුන දීමට සිදුවූ හදිසි අනතුරකින් මාස කිහිපයක් රෝගාතුරව සිටි කාලය මෙම පොත රචනා කිරීමට පාදක වෙලා තිබෙනවා. තම ජංගම දුරකතනය භාවිතයෙන් තමන්ගේ දැනුම හා ලැබූ අත්දැකීම් එකතු කරගනිමින් නිවසක් ඉදි කිරීමට අවශ්‍ය සියලුම උපදෙස් සරලව හා පැහැදිලිව සහටන් කරලීමට ඔහුදරා ඇති වෑයම අගය කල යුතුමයි. තව දුරටත් අදහස් දක්වමින් ඔහු අපත් සමඟ කියා සිටියේ මෙම අත්පොත ලිවීම සදහා ඔහු දිරිමත්කල ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතාට මේ සම්බන්ධ විශේෂ ගෞරවයක් හිමි විය යුතු බවයි.

ඉදිකිරීම් ක්ෂේත්‍රයට තම දායකත්වය පුළුල් කරමින්, 2020 පෙබරවාරි මස එළි දැක්වූ මෙහි ප්‍රථම මුද්‍රණය සියල්ලන්ටම නොමිලේ ලාබා දීමටත් කටයුතු කල මෙතුමන් 2020 ජූලි මාසයේදී ග්‍රන්ථයෙහි යාවත්කාලීන කල දෙවන මුද්‍රණය එළි දක්වන්නත් කටයුතු කරනවා.

2020 පෙබරවාරි මස මොරටුව විශ්ව විද්‍යාලයීය තාක්ෂණික ආයතනයේ දී පොත එළී දැක්වීමේ උත්සවයේ අවස්ථා කිහිපයක්

DVD පටයක්ද සමගින් ප්‍රකාශයට පත් කර ඇති මෙම කෘතිය, අවශ්‍ය කෙනෙකුට දිවයිනේ ප්‍රධාන පොත් වෙළඳසැල්වලින් මිලදී ලබා ගත හැකි සේම මෙම පොතෙහි PDF එකක් සහ DVD පටයේ ඇතුලත් සියල්ල නොමිලේ ඕනෑම අයෙකුට ලබා ගත හැකිවන පරිදි අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා. නිවසක් ඉදිකිරීමට බලාපොරොත්තුවෙන් සිටින සෑම ශ්‍රී ලාංකිකයෙකුම තමන් රචනා කල පොත, අත්පොතක් ලෙස භාවිතා කරනු දැකීම ඔහුගේ එකම තෘප්තිය ලෙස අපත් සමඟ කල සංවාදයකදී එතුමන් නිහතමානීව කියා සිටියා.

මනා සං‍යමයකින් කරුණු දක්වා තිබෙන මෙම කෘතියේ, එතුමන්ගේ නිහතමානීකම පසක් කල තවත් වැකියක් අපිට හමුවුනා .

මෙහි සඳහන් ක්‍රම සහ විදි එකම සහ නිවැරදිම ක්‍රමය නොවන්නට පුලුවන. මේ ක්ෂේත්‍රයට සම්බන්ධ ඉංජිනේරුවන්ට මීටත් වඩා හොඳ ක්‍රම සහ විසඳුම් ලබාදීමට හැකියාවක් ඇත.

සෑම විටම නිවැරදි දැනීමක් ඇති අයගෙන් උපදෙස් ගැනීම නිවසක් ඉදි කරමින් සිටින හා නිවසක් ඉදි කිරීමට බලාපොරොත්තුවෙන් සිටින ඔබේ අරමුණ සාර්ථකව ඉටුකර ගැනීමට හේතුවනවාට සැක නැත.

රෝහිත ලියනගේ මහතා විසින් රචිත “නිවසක් ඉදිකිරීමට උපදෙස් අත්පොත” නම් කෘතියෙන් උපුටා ගන්නා ලදී

ඉඩමක් තෝරාගන්නා අදියරේ සිට නිවස සාදා නිම කරන අදියර දක්වා ඔබ විසින් දැනගත යුතු සියල්ලම මෙම කෘතියෙහි මනාව දක්වා තිබෙනවා. රෝහිත ලියනගේ මහතා තව දුරටත් කියා සිටියේ තමන් මෙම අත්පොත නිරන්තරයෙන් යාවත්කාලීන් කරන බවත්, (ඉදිකිරීමක් සඳහා වැය වන මුදල කාලයත් සමඟ වෙනස් වන බැවින් සහ අලුත් දෑ නිරන්තරයෙන් එකතුවන බැවින්) සහ යාවත්කාලීන වන සියල්ල අන්තර්ජාලයේ ඇති Link එකට එකතු කරන බවයි. එමෙන්ම ඉදිකිරීම් සම්බන්ඳ ඕනෑම ගැටලුවක් සඳහා විසඳුම් සහ තොරතුරු අවශ්‍ය ඕනෑම අයෙකුට එතුමාව සම්බන්ධ කරගැනීමෙන් ලබා දීමටත් එතුමා ඉතාමත් කැමැත්තෙන් පසුවන බවත් අප සමඟ කල සංවාදයේදී එතුමන් කියා සිටියා.

පහතින් දක්වා ඇති පින්තූරය Click කිරීමෙන් ඔබටත් මෙම පොත නොමිලේ බාගත (Free Download) කර ගැනීමේ හැකියාව තිබෙනවා. ඔබ දැනටමත් මේ පොත පරිශීලනය කල අයෙක්නම් පහළින් ඔබේ අදහස් අපිත් එක්ක බෙදා ගන්නත් අමතක කරන්න එපා. ඒ වගෙම තව පුළුවන් තරම් පිරිසක් මේ ගැන දැනුවත් කරන්න මෙම ලිපිය ඔබේ මිතුරන් අතරේ Share කරන්න කියලත් ඔබට කාරුණිකව ආරාධනා කරනවා.

නිවහනක් ඉදිකිරිමට උපදෙස් අත්පොත නොමිලේ බාගත (Free Download) කරගැනීමට ඉහත පින්තූරය Click කරන්න.

නිවහනක් ඉදිකිරීමට උපදෙස් අත්පොත සංස්කරණය කරන ලද දෙවන මුද්‍රණය ලියාපදිංචි තැපෑලෙන් නිවසටම ගෙන්වා ගැනීමට, ඔබගේ ලිපිනය සහ දුරකථන අංකය, 0777 77 51 51 (රෝහිත ලියනගේ මහතා) දුරකතන අංකය වෙත යොමු කරන්න. පොතක මිල රුපියල් 500 වේ.

වගකීමෙන් බැහැර වීම

*මෙමෙ පොත මිලදී ගැනීමෙන් Heavenz.lk කිසිදු ලාබයක් නොලබන බවත් පොතෙහි අන්තර්ගතය සම්බන්ධ කිසිදු වගකීමක් නොදරන බවත් කරුණාවෙන් සලකන්න.*

Newsletter Updates

Enter your email address below to subscribe to our newsletter

2 Comments

  1. I can’t download pdf you guys uploaded there. Pls help

  2. Click on the image above(will be directed to a dropbox link)
    Click on the “Hand book – Second Edition – July 2020” folder
    You’ll find 3 PDF files.
    Click on “Nivasak Idikeerimata 2020 Final Book July.pdf” file.
    And click on the download button at the top right corner of the screen in pc or three dots icon in a mobile device.
    That’s it. Hope this would help.

Leave a Reply