ගඩොල් යනු බොහෝ නවීන ගොඩනැගිලිවල මූලිකම අමුද්‍රව්‍යයි. එහෙත් ගොඩනැගිලි ද්‍රව්‍යවල මිල වැඩිවීම සහ මෙම ද්‍රව්‍ය නිසා ඇති වන ඉහළ පරිසර බලපෑම් සමඟ ඉදිකිරීම්කරුවන් වඩාත් නව්‍ය විසඳුම් කරා ගමන් කිරීම තරමක් පමා වී ඇත. Compressed Earth Bricks හෝ CEBs යනු ගොඩනැගිල්ලක මූලික ඒකකය වන ගඩොල් සඳහා වඩාත් හොඳ විසඳුමකි.


සාම්ප්‍රදායික ගඩොල් භාවිතය පිළිබඳ අප බොහෝ දෙනෙකුට යම් අදහසක් තියනව. සාමාන්‍ය හෝ විශාල ප්‍රමාණයේ ගඩොල්, මැටිවලින් අච්චු කර පුළුස්සා දමනු ලබන අතර සිමෙන්ති ගඩොල්(බ්ලොක් ගල්), සිමෙන්ති සහ තවත් අමුද්‍රව්‍ය එකතු කර සාදා ඇත. පුරාණ මෙසපොතේමියානු සහ ඉන්දු නිම්න ශිෂ්ටාචාරවල ක්‍රි.පූ. 6000-7000 අතර කාලයේ සිට මිනිස් ශිෂ්ටාචාරය පුරාවටම වාගේ පුලුස්සන ලද ගඩොල් භාවිතා කල බවට සාක්ෂි ඇත. මෙම ගඩොල් නිපදවීමේ තාක්ෂණය මේවා භාවිතා කල මුල් දිනවල සිට ඉතා ස්වල්ප වශයෙන් පරිණාමය වී ඇත.
ගඩොල් සහ සිමෙන්ති යන දෙකම නිපදවීමේ ක්‍රියාවලියේදී සිදුවන පාරිසරික බලපෑම් රාශියක් ඇත. මූලික ද්‍රව්‍ය නිස්සාරණය කිරීමේදී පරිසරයට සිදුවන හානිය සහ මඩ ගඩොල් පිලිස්සීමේ ක්‍රියාවලිය හේතුවෙන් සිදුවන අධික බලශක්ති පිරිවැය මෙයට ඇතුළත් ය. මෙම ගැටළු වලට අමතරව, මෙම සාම්ප්‍රදායික ගඩොල් ශක්තියෙන් සාපේක්ෂව අඩු වන අතර තාපයට එරෙහිව අඩු පරිවරණයක් පෙන්වයි. මේ අතරින්, විශේෂයෙන් සිමෙන්ති බ්ලොක් ගල් සෞන්දර්යාත්මකව අලංකාර පෙනුමක් නොපෙන්වන අතර එම නිසා කපරාරු කිරීම හා නිම කිරීමේ කටයුතු සඳහා වැඩි අමතර පිරිවැයක් අවශ්‍ය වේ.
CEBs යනු මෙම ගැටළු සියල්ලටම එක් විසඳුමකි. CEBs යනු හුදෙක් අධික පීඩනයකදී පස් හෝ තෙත්වූ පස, අච්චුවක සම්පීඩනය කිරීමෙන් නිපදවන ගඩොල් ය. පස වලට අමතරව, සිමෙන්ති (කලකට පෙර හුණු ද භාවිතා කරන ලදී) ස්ථායීකාරක ලෙස ගුණාත්මක බව ඉහල නැංවීමට එකතු කරනු ලැබේ. CEBs, 1950 ගණන්වල ආරම්භයේ සිට ලොව පුරා බොහෝ රටවල භාවිතයේ පවතී. ලතින් ඇමරිකානු සහ අප්‍රිකානු රටවල මෙන්ම ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව වැනි රටවලද CEBs බහුලව දක්නට ලැබේ. මෙහි නිෂ්පාදන ක්‍රියාවලිය ඊළඟ කොටසේ තේරුම් ගැනීමට උත්සාහ කරමු.
කොහොමද මේ පරිසර හිතකාමී CEBs හදන්නේ?
ගඩොල් නිෂ්පාදනය කිරීමේදී CEB වල ගුණාත්මක බව SLS 1382: 2009 සම්මතයට අනුකූල විය යුතුය. CEBs නිෂ්පාදනය, සකස් කිරීම, සම්පීඩනය කිරීම සහ කියෝ(cure) කිරීම වශයෙන් ප්‍රධාන පියවර තුනකට සාරාංශ කළ හැකිය.
- සකස් කිරීම: මුලින්ම CEBs නිෂ්පාදනය සඳහා භාවිතා කරන පාංශු මිශ්‍රණය සකස් කරනු ලැබේ. සෑම තැනකම බහුලව ලබා ගත හැකි මැටි මිශ්‍ර පස්වලින් සාමාන්‍ය මිශ්‍රණයක් සාදා ගනු ලැබේ (මැටි සහ රොන්මඩ අන්තර්ගතය 35% කට සීමා කළ යුතුය). මෙය සාමාන්‍යයෙන් පෘථිවියේ සාරවත් පාංශු ස්ථරයට යටින් පිහිටා ඇත. පසෙහි තත්වය අනුව අවශ්‍ය ස්ථායීකාරක ප්‍රමාණයක් එකතු කරනු ලබයි. මෙම ස්ථායීකාරකය සාමාන්‍යයෙන් සිමෙන්ති හෝ දෙහි ය. ස්ථායීකාරක සහිත ගඩොල් Compressed Stabilized Earth Bricks (CSEB) ලෙසද හඳුන්වයි. ස්ථායීකාරක සාමාන්‍යයෙන් මුළු පසෙන් 10% කට අඩු වනසේ තබා ගනී. මිශ්‍රණය ඒකාකාර විය යුතු අතර සැලකිය යුතු තෙතමනයක් ද තිබිය යුතුය.
- සම්පීඩනය කිරීම: පසුව මිශ්‍රණය අවශ්‍ය හැඩයේ අච්චුවකට මාරු කර හයිඩ්‍රොලික් සම්පීඩක(hydraulic presses) භාවිතා කරමින් අධි පීඩන යටතේ සම්පීඩනය කෙරේ. ඉහළ ශක්තියක් සහිත වීම සඳහා සම්පීඩක අනුපාතය(Compaction ratio) 1.5 හෝ ඊට වැඩි විය යුතුය.
- කියෝ(cure) කිරීම: ස්ථායීකාරකවල ප්‍රතික්‍රියාව සම්පූර්ණ කිරීමට සහ ගඩොල් ශක්තිමත් කිරීමට ගඩොල්, තෙතමනය සහිත කාමරයක සති 4 ක් පමණ තබනු ලැබේ. ආර්ද්‍රතාවය 70% ට වඩා වැඩි විය යුතුය. සුව කිරීමේදී ගඩොල් වේගයෙන් වියළීම වැළැක්වීම සඳහා නිෂ්පාදකයින්ට ගඩොල් මත තෙත තුවක්කුවක් හෝ පොලිතින් උරයක් යෙදිය හැකිය.


සාම්ප්‍රදායික ගඩොල්වල දක්නට ලැබෙන පරිදි CEBs වලට පිලිස්සීමක් අවශ්‍ය නොවේ. මෙය පොසිල ඉන්ධන හෝ ජෛව ඉන්ධන ලෙස භාවිතා කරන ශක්තිය අඩු කරයි. මෙය නිෂ්පාදනය නිසා සිදුවන පිරිවැය සහ පාරිසරික බලපෑමද අඩු කරයි.
භාවිතා කරන ද්‍රව්‍ය පහසුවෙන් දේශීයව ලබා ගත හැකිය. ගඩොල් නිපදවීමේදී අවශ්‍ය කරන මැටි මිශ්‍ර පස් සහ බ්ලොක් ගල් සෑදීමේදී අවශ්‍ය වන අධික බොරළු හා සිමෙන්ති අවශ්‍යතාවය අඩු කරමින් වෙනත් ව්‍යාපෘති වල කැණීම් ස්ථානවලින් ලබා ගන්නා පස CEBs සෑදීම සඳහා භාවිතා කල හැකිය.
CEBs නිෂ්පාදනය සඳහා භාවිතා කරන අච්චුව design කිරීමේදී, ඉදිකිරීම් සඳහා භාවිතා කරන විට ගඩොල් නිසි පිළිවෙලට තැබීමට උපකාරී වන පරිදි එකිනෙකට සම්බන්ධ වන ලෙස(interlocking) නිර්මාණය කළ හැකිය.
CEBs යාන්ත්‍රික හෝ මැනුවල් සම්පීඩක(manual presses) භාවිතයෙන් නිෂ්පාදනය කළ හැකිය. එබැවින් ඉහළ හා අඩු සංවර්ධිත රටවල නිෂ්පාදනය ශක්‍ය වේ. ඉන්දියාවේ දී සිදුකරන නිෂ්පාදනය පහල උදාහරණවලින් දැක ගත හැකිය. එමනිසා CEBs ශ්‍රී ලංකාවටද ගැලපෙන විකල්පයකි.




CEBs වෙනත් ආදේශක වලට එරෙහිව නැගීසිටින්නේ කෙසේද?
ඉහත කොටස්වල දැකිය හැකි පරිදි විවිධ ගඩොල් වර්ග අතරින් නිගමනයකට එලඹිය හැකි සැසඳීම් කිහිපයක් තිබේ. සාමාන්‍ය ගඩොල්වලට වඩා CEBs නිපදවන ක්‍රමය පරිසර හිතකාමී හා බලශක්ති කාර්යක්ෂම වේ. ගඩොල් හා සසඳන විට ගඩොල් නිෂ්පාදනයේදී පිටවන කාබන් ඩයොක්සයිඩ් මෙන් 12 ගුණයක් අඩු කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් CEBs නිකුත් කරයි. ඊට අමතරව, දේශීය වශයෙන් ලබා ගත හැකි ද්‍රව්‍ය වලින් CEBs නිශ්පාදනය කල හැකිය.
ඉන්ටර්ලොක් ගඩොල්(interlocking bricks) ලෙස නිපදවීමේ හැකියාව නිසා මෙම ගඩොල් වලට මෝටාර් සඳහා අඩු වැලි සහ සිමෙන්ති ප්‍රමාණයක් අවශ්‍ය වේ. තවද, බිත්ති තුළ විදුලි හා වතුට බට සඳහා පහසුවෙන් ඉඩ සැලසීමට විෙශේෂෙයන් නිර්මාණය කරන ලද CEBs භාවිතා කළ හැකිය.
සාම්ප්‍රදායික ගඩොල් සහ බ්ලොක් ගල් වලට වඩා CEBs සතුව ඉහළ ශක්තියක් ඇති අතර එම නිසා එය ඉරි තැලීම් හෝ බිඳීම් ආදියට ප්‍රතිරෝධයක් දක්වනු ඇත. ජෛව හායනයට ලක්විය හැකි ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් ගොඩනැගිල්ල සිය ජීවිත කාලය අවසානයේදී කඩා දැමූ පසු ගඩොල් සහ බ්ලොක් ගල් වලට වඩා පහසුවෙන් CEBs පරිසරයට එකතු වේ.
පස මූලික අමුද්‍රව්‍ය ලෙස භාවිතා කිරීම නිසා, CEBs සමඟ ඉදිකරන ලද ගොඩනැගිලිවල වැඩි සිසිලන බලපෑමක් ඇති කරනු ලබන අතර එමඟින් ගොඩනැගිල්ල තුළ සුවපහසු වාතාශ්‍රයක් ඇති වේ (ගොඩනැගිල්ලේ උෂ්ණත්වය සෙල්සියස් 2-3 ක් පමණ පහත වැටේ). දිගු කාලීනව එය වායුසමීකරණ හා විදුලි පංකා වල අවශ්‍යතාවය අඩු කිරීමෙන් ගොඩනැගිල්ලේ මෙහෙයුම් පිරිවැය(operational cost) අඩු කරයි. තවද, CEBs හි අලංකාර ආවේනික පෙනුම නිසා කපරාරු කිරීමක්ද අවශ්‍ය නොවේ.


නමුත් මෙය තවම නව තාක්ෂණයක් බැවින් කාලයත් සමඟ ජයගත හැකි අඩුපාඩු කිහිපයක් මෙහි තිබේ.
- ශ්‍රී ලංකා ඉදිකිරීම් ප්‍රජාව තුළ CEBs පිළිබඳ දැනුවත් භාවය තරමක් අඩුය. එබැවින් බොහෝ මේසන් මහතුන් මෙම CEBs වලට අනුවර්තනය වීමට කැමති නැත. නමුත් interlocking surface එක හා සුමට නිමාව නිසා මෙම ගඩොල් වැඩි නිපුණතාවයකින් තොරව පහසුවෙන් භාවිතා කළ හැකිය.
- බිත්තිය ඉදිකිරීමෙන් පසු කුහර කැපීම ශක්තිය අඩු කළ හැකි බැවින් බිත්තියේ ස(ර්)විස් ලයින්ස් (Service line) නිසි ලෙස සැලසුම් කළ යුතුය. ගඩොල් ඇතුළත කුහර ගොඩනැගිල්ලේ ස(ර්)විස් ලයින්ස් සඳහා භාවිතා කළ හැකිය.
- විශාල ප්‍රමාණයේ කුට්ටිවල අඩු ශක්තියක් ඇත. සුදුසු සංයුතිය සඳහා පස නිසි ලෙස සකස් කර හෝ පරීක්ෂා නොකළහොත් ගඩොල් අඩු ගුණාත්මක බවින් යුක්ත වේ.
වෙනත් සැසඳීම්;
ගඩොල් වර්ගය | ගඩොල්වල ශක්තිය Nm/mm | තෙතමනය අවශෝෂණය | තාප අවශෝෂණය | අඩි 10 * 10 සඳහා ඉදිකිරීම් වේගය | පරිසර හිතකාමී බව | සුවපහසු බව |
සාමාන්‍ය ගඩොල් | 1.2 | ඉහළයි | ඉහළයි | දින 4 | X | සාමාන්‍ය |
විශාල ගඩොල් | 1.4 | ඉහළයි | ඉහළයි | දින 4 | X | සාමාන්‍ය |
සිමෙන්ති බ්ලොක් ගල් | 2 | ඉහළයි | ඉතා ඉහළයි | දින 3 | X | අපහසුයි |
CEBs | 5+ | අවමයි | අවමයි | දින 2 | √ | ඉතා පහසුයි |
CEBs කොතරම් ලාභදායීද?
ඉදිකිරීම්කරුවකුට අවසානයේදී භාවිතා කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය තීරණය කිරීමේ වැදගත් සාධකය වන්නේ එහි පිරිවැයයි. වර්තමානයේ දේශීය වෙළඳපොලේ CEBs සාමාන්‍ය ගඩොල්වලට වඩා විශාල වීම සහ නිෂ්පාදකයින්ගේ ඌනතාවය හේතුවෙන් ඒකකයකට ඉහළ මිලක් තබා ගැනීමට නැඹුරු වන නමුත් ඒකාධිකාරය අඩු වූ වහාම එහි මිල ගණන් පහළ යනු ඇත.
එහෙත් ඉදිකිරීම් සඳහා වැය වන ශ්‍රමය, කාලය සහ වෙනත් ද්‍රව්‍ය අවම වීම පිළිබඳ සැලකීමේදී ඉදිකිරීම් පිරිවැය සැලකිය යුතු ලෙස අඩු වේ.
එබැවින් මෙම අගයන් සංසන්දනය කිරීමේදී වර්ග අඩි 1 ක තාප්පයක් ඉදිකිරීම සඳහා ඇස්තමේන්තුවක් පහත පරිදි සකස් කළ හැකිය.
ගඩොල් වර්ගය | බිත්තියේ වර්ග අඩි 1 ක පිරිවැය.(LKR) |
සාමාන්‍ය ගඩොල් | 442 |
විශාල ගඩොල් | 456 |
සිමෙන්ති බ්ලොක් ගල් | 375 |
CEBs | 313 |
එමනිසා, මෙම සංසන්දනය පෙන්නුම් කරන්නේ ඉහළ ඒකක පිරිවැයක් තිබියදීත්, ගොඩනැඟීමේදී සමස්තයක් ලෙස CEBs සඳහා අඩු පිරිවැයක් ඇති බවයි. CEB නිෂ්පාදනය කිරීම සඳහා වැඩි තරඟකරුවන් වෙළඳපොළට පිවිසීමත් සමඟ මෙම පිරිවැය තවදුරටත් අඩු වනු ඇත.
ඉතින්, CEBs ඔබ සඳහාද?
ඉතින්, ඔබත් ඔබේ නිවස හෝ ගොඩනැගිල්ල ඉදිකිරීමට පිරිවැය ඵලදායී(cost-effective) සහ පරිසර හිතකාමී ගොඩනැඟිලි ද්‍රව්‍යයක් සොයන්නේ නම් CEBs ඒ සඳහා හොඳම තේරීමකි. අවම පසු සැකසුම් අවශ්‍යතාවය සහ සුවපහසු අභ්‍යන්තර වාතාශ්‍රය මෙම තේරීම සමඟ ඔබට ලැබෙන වාසි වේ. ඔබේ CEBs නිෂ්පාදකයා උසස් තත්ත්වයේ ප්රමිතීන් වලට අනූව CEBs නිශ්පාදනය කරන බවට පමණක් වග බලා ගැනීම ප්‍රමාණවත් වේ.




Click to see References 📚
- https://www.britannica.com/technology/brick-building-material
- https://www.oskam-vf.com/CEBS_living_building_material.html
- https://www.researchgate.net/publication/224238871_A_brief_review_of_Compressed_Stabilized_Earth_Brick_CSEB
- https://www.ecoceylon.com/
- https://en.wikipedia.org/wiki/Compressed_earth_block
- http://www.earth-auroville.com/compressed_stabilised_earth_block_en.php
- https://refreshingsrilanka.blogspot.com/2011/11/interlocking-stabilized-earth_30.html
මෙම ගඩොල් ලබාගතහැකි ස්ථානයක් හෝ සම්බන්ධවියහැකි දුරකතන අංකයක් තිබේද?
අපි දැනට තත්ව සහතික වලට අනුකූල උසස් ප්‍රමිතියකින් යුතු ගඩොල් නිශ්පාදනය කරනවා. ඔබට +94 (77) 700 1945 අංකය ඇමතීමෙන් හෝ එම අංකයට watsapp පණිවිඩයක් එවීම මගින් වැඩි විස්තර ලබා ගත් හැක.
ඔබගේ නිෂ්පාදනය පිළිබඳව වැඩිදුරටත් තොරතුරු ලබා දෙන්න.
CBEs ගඩොල් ලබා ගත හැකි ස්ථාන පිළිබඳව සඳහන් කරන්න
අපි දැනට තත්ව සහතික වලට අනුකූල උසස් ප්‍රමිතියකින් යුතු ගඩොල් නිශ්පාදනය කරනවා. ඔබට +94 (77) 700 1945 අංකය ඇමතීමෙන් හෝ එම අංකයට watsapp පණිවිඩයක් එවීම මගින් වැඩි විස්තර ලබා ගත් හැක.
Need details
Brick ekaka price komda
full – 48/-
Half – 30/-
Lintel – 46/-
ex factory price
ඔබගේ නිෂ්පාදන මිලදීගතහැක්කේ කොහෙන්ද?
E mail me details
Hodayi price please size please
full – 48/-
Half – 30/-
Lintel – 46/-
ex factory price
Size – 300 x 150 x 100 mm
Any other details please contact 0777550875 (mohan)
full – 48/-
Half – 30/-
Lintel – 46/-
ex factory price
Size- 300 x 150 x 100 mm
any other details please contact 0777550875 (mohan)
brick wala price kohomada normal block gal gadol walata wada kopamana wasida kopamasa size walin gatha hakada podi quation akakuth denna mama geyak hadanna hithan innawa ithin eco bricks walin hadanna hithan innawa ekai
What is the recipe for this products
වර්ෂාපතනය වැඩි ප්‍රදේශවල ඉදිකිරීම් කටයුතු සදහා යෝග්‍යද…