Architecture සහ Interior designing සම්බන්ධයෙන් ගත් කල, එය නිවාස දෙකකට කිසි විටෙකත් එක සමාන නොවේ. සෑම නිවසකම වෙනත් නිවසක නොපෙනෙන ලක්ෂණ ඇත. මෙය මූලික වශයෙන් මිනිසුන් සාමාන්‍යයෙන් අනුගමනය කිරීමට කැමති විවිධ තේමාවන් නිසා සිදුවේ. සෑම ශෛලියකටම වෙනත් ශෛලීන්වලින් වෙන් හර හඳුනා ගැනීමට ඊට අනන්‍ය වූ ලක්ෂණ ඇත. ඔබේ ජීවන රටාව අනුව,ඔබට ඔබේ වටපිටාව සකස් විය යුතු ආකාරය අනුව, ඔබට ඔබේ තේරීම සිදු කල හැකිය. පහත දැක්වෙන්නේ ලොව පුරා ජනප්‍රිය වාස්තුවිද්‍යා නිර්මාණ සංකල්ප තේරුම් ගැනීමට සරල මග පෙන්වීමකි. ඔබ ඔබේ සිහින නිවස ගොඩනඟන විට, මෙම කරුණු ඔබට නිසැකවම ප්‍රයෝජනවත් වේවි.
Minimalist
‘අවමය උපරිමයයි’ යනු මෙම ශෛලියේ පාඨයයි. Minimalism යනු සරල හා සම්භාව්‍ය ලෙස තබා ගැනීමයි. අවකාශයේ ඇති කොටස් අලංකාරයට වඩා ක්‍රියාකාරී බවින් යුතු විය යුතුය. එමනිසා, මෙම තේමාව බොහෝ විට අත්‍යවශ්‍ය නොවන අංග මඟහරින අතර එමඟින් පරිශීලකයින්ගේ ඇස යම්කිසි දෙයක් වෙත පෙලඹවීමකට ලක් නොවේ. විශාල කවුළු විවරයන් තැබීමෙන් අවකාශය වටා දර්ශන සහ ස්වාභාවික ආලෝකකරණයේ උපරිම භාවිතය නිර්මාණයට එක්කර ගනී. සුදු සහ අළු වැනි අඳුරු වර්ණාලේප බොහෝ විට භාවිතා වේ. පුටු, මේස, සෝෆා සරල ආකෘති වලින් සහ texture වලින් සමන්විතය. ඒ සියල්ලම එකතුවෙන් පරිශීලකයාට විවේකී, ක්‍රියාකාරී මෙන්ම අපිළිවෙල නොවූ අවකාශයක් නිර්මාණය කරයි. මෙම සැලසුම් තේමාව සැකසීම තරමක් දුෂ්කර කටයුත්තක් වන්නේ අවකාශය පාලු ස්වභාවයක් නොපෙන්වන අයුරින් අවම අංග සහිත සරල අවකාශයක් සැකසීමේ හැකියාව අවශ්‍ය වන බැවිනි.

Rustic
රස්ටික් යනු බොහෝ විට ස්වභාවික පෙනුම පිළිබිඹු කිරීමයි. මෙම ශෛලිය තුල පැරණි බවක් හඟවන අදහස් සමන්විත වේ. රස්ටික් පෙනුම ඇති කොටස් ලී, ගල් හෝ පොළොවෙන් ලබා ගන්නා අමුද්‍රව්‍ය වලින් සාදයි. මෙම ශෛලිය සැහැල්ලු හා ශාන්ත හැඟීමක් ඇති කරවයි . වර්ණ සම්බන්ධයෙන් ගත් කල, දුඹුරු, අළු සහ සුදු වැනි උදාසීන වර්ණවල සංයෝගයන් භාවිත වේ. තද සහ දීප්තිමත් වර්ණ භාවිතා නොවේ. පුටු හෝ මේස වැනි අවකාශයක් තුළ ඇති ද්‍රව්‍ය සාමාන්‍යයෙන් විශාල කකුල් සහිතව වැඩි බරකින් යුක්ත වන අතර, හණ, ඝන රෙදි වර්ග සහ කැන්වස් වැනි ද්‍රව්‍යවලින් අතින් සාදන ලද බුමුතුරුණු බාවිත වේ. ඇඳ ඇතිරිලි ඒකාකාරී වර්ණ පරාසයකින් යුතු වන අතර ලිනන් හෝ කපු භාවිතයෙන් සාදයි. මේ සියල්ල ඔප දැමීමට හෝ වඩා හොඳ තත්වයකට ගෙන ඒමට වඩා ඒවා නිම නොකල අයුරින් ඉතිරිව තැබීම සිදු කරයි.

Contemporary
Contemporary ශෛලිය කාලයත් සමඟ විකාශනය වේ. මෙම ශෛලිය මගින් වර්තමානයේ පවතින තේමාව කුමක් දැයි පිළිබිඹු වේ. එනමුත් මෙම ශෛලියට ආවේණික වූ ලක්ෂණ කිහිපයක්ද ඇත. පිළිවෙලට සැලසුම් කල රේඛා, උදාසීන වර්ණාලේප වැනි minimalist ශෛලියට අදාල ලක්ෂණ ඒවායින් සමහරකි. සිසිල් උළු, ලෝහමය ද්‍රව්‍ය, ලීවල ස්වාභාවික පෙනුම සමඟ ක්‍රෝම් නිමාව සමඟ නිවෙස්වල නවීන පෙනුමක් ජනනය කිරීමට උපකාරී වේ.

Bohemian
මෙම විලාසිතාව පරිණාමය වී ඇත්තේ ජිප්සි ජනගහන සංස්කෘතියෙන් බව විශ්වාස කෙරේ. මෙම සංස්කෘතීන්ට කාලයත් සමඟ හැඩගැසුනු ඔවුන්ට ආවේනික ක්‍රම හා විලාසිතා තිබුණි. විලාසිතාව නිදහස් ආත්මීය බවකින් යුතු එකක් විය. එහි දීප්තිමත් මෙන්ම වර්ණවත් රටා නිදහසේ ඇවිදයන මෙහි මුල් සංස්කෘතියේ ජීවනරටාව ඉස්මතු කරයි. මෙම නිර්මාණ, ඒවාට අදාල සංස්කෘතීන්වල එකතුවක් පෙන්වයි. ද්‍රව්‍යවල ගැලපීම කෙතරම්ද යන්න මෙහිදී මනිනු නොලැබේ. රෙදි, පොත්, දර්පණ, සිතුවම් සහ ලී ගෘහ භාණ්ඩ වැනි ඔබට අවශ්‍ය ඕනෑම අංගයක් මෙහිදී ප්‍රදර්ශනය කළ හැකිය. මෙම ද්‍රව්‍ය දෘශ්‍යමය වශයෙන් සිත්ගන්නා සුළු ප්‍රතිරූපයක් නිර්මාණය කරන අතර මිල අධික ද්‍රව්‍ය සඳහා මුදල් වියදම් කරනවාට වඩා අලංකාර සහ කලාත්මක බවක් ඇති පරිපූර්ණ ප්‍රතිරූපයක් නිර්මාණය කරයි. මෙම ශෛලියතුල පිළිවෙල පිළිබඳව එතරම් තැකීමක් නොකරයි.

Mid-century modern
Mid-century modern ශෛලිය ආරම්භ වන්නේ 1940 වසරේදී පමණය. දෙවන ලෝක යුද්ධයෙන් පසුව වාස්තු විද්‍යාත්මක ශිල්පීය ක්‍රම පර්යේෂණාත්මකව ක්‍රියාත්මක විය. මෙම ශෛලිය ඉහළ මට්ටමේ ක්‍රියාකාරිත්වයක්(functionality) සහිත අංග සහිතව පිළිවෙලට සැකසූ රේඛා සහ ආකෘති මත පදනම් වේ. මෙම ශෛලියෙන් ඉදිකරන ලද නිවාසවල දැවැන්ත කවුළු ඇති අතර එමඟින් විවිධ දර්ශන ස්ථාන, නිවස තුල විවෘත අවකාශයන් සහ පැතලි වහලවල් නිර්මාණය විය. නිවස තුළ පාර්ශ්වික(අර්ධ වශයෙන් බඳිනු ලබන) බිත්ති මඟින් අවකාශයන් වෙන් කිරීම සිදු කරයි .නිවස බොහෝවිට අසමමිතික හැඩයක් ගනී. මෙම ශෛලිය තුල නිම වන ගොඩනැගිලි සෑම විටම බාහිර පරිසරය සමඟ ඒකාබද්ධ වී ඇති හෙයින් මෙම සංකල්පය සෞඛ්‍ය සම්පන්නව හා මිනිසුන් වඩාත් උද්‍යෝගිමත් කිරීමට පෙළඹවීමක් ඇති කරයි.

Tudor
මෙය පැමිණෙන්නේ 1500 දශකයේ සිට පුනරුද ගෘහ නිර්මාණ ශිල්පය කරලියට පැමිණි කාලයේ සිට ය. Tudor නිවාස ගඩොල්, පෙදරේරු වැඩ සහ දැව වලින් නිම කිරීම සිදු කරයි. මේවා සාමාන්‍යයෙන් එකිනෙකට වෙනස් මුහුණුවරකින් යුත් මහල් කිහිපයකින් සමන්විත ගොඩනැගිලි වේ. මෙම නිවෙස්වල ජනේල පේළි සහ වහල උස්ව පිහිටා ඇත. සමහර නිවාසවල අට්ටාල දක්නට ලැබේ. පිටතට නිරාවරණය වූ බාල්ක මේවායේ තවත් ලක්ෂණයකි. සෝෆා, බිත්ති සහ බිම විවිධ රටා සහ textures වලින් අලංකාර වේ. Tudor නිවාස, බටහිර රටවල් හැර ලෝකයේ බොහෝ රටවල එතරම් ජනප්‍රිය නොවේ. වර්ණ පරාසය බොහෝවිට දීප්තිමත් සහ වර්ණවත් වේ.

Gothic
මෙම වචනය ඕනෑම කෙනෙකු තුළ අඳුරු සහ කළු වටපිටාව පිළිබඳ හැඟීමක් නිර්මාණය කරයි. නමුත් එහි ඒට වඩා වැඩි යමක් ඇත. ගොතික් විලාසිතාව චමත්කාරජනක ස්වරූපයක් ගනී. මෙය හුදෙක් මධ්‍යකාලීන හා වින්ටේජ් ගොතික් නිර්මාණවල අභ්‍යන්තර ගෘහ නිර්මාණ ශිල්පයේ එකතුවකි. මෙය 1700 දශකය දක්වා දිවෙන අතර බොහෝ පල්ලි සහ මාලිගා මේ ශෛලියෙන් සරසා තිබුණි. ආරුක්කු හැඩැති ජනෙල් කවුළු සහ දොර රාමු මෙහි එක් විශේෂ අංගයකි. බිත්ති මත විශාල ප්‍රදේශයක් යක් පුරා පැතිරී ඇති වීදුරු කවුළු, ගෝලාකාර වැනි බොකුටු සිවිලිම මෙහි නිරීක්ෂණය වන තවත් ලක්ෂණ කිහිපයකි. උස සෑම විටම පළලට වඩා වැඩි වූ අතර එය ස්වර්ගය සිහිගන්වන බව කියනු ලැබේ. මෙම ගණිතමය හා ජ්‍යාමිතික සංකල්ප හුදෙක් අලංකාර කිරීමකට එහා ගිය සංකේතාත්මක බවින් යුතු යැයි කියනු ලැබේ.

Mediterranean
Mediterranean, ඉතාලි, ග්‍රීක සහ ස්පාඤ්ඤ වාස්තු විද්‍යා නිර්මාණ ශෛලීන්ගෙන් ආභාෂය ලැබා ඇත. ආරුක්කු හැඩැති කවුළු, කුළුණු, ආරුක්කු, උළු වලින් සකස් කළ වහල, මුදුන් ගල් සහ Hardwood වලින් නිමා කල ගෘහ භාණ්ඩ Mediterranean අවකාශයේ ප්‍රධාන ලක්ෂණ වේ. මෙම අවකාශයන්හි සුදු පැහැය තරමක් කැපී පෙනේ. මෙය මධ්‍යධරණී කලාප වල හිරු එළියෙන් සහ සෞම්‍ය උෂ්ණත්වය මගින් ආභාශය ලබා ඇතැයි කියනු ලැබේ. ටෙරා කෝටා ටයිල්ස්, Wallpapers සවිකල බිත්ති නිවස අභ්‍යන්තරයේ දැකිය හැකිය. ජලය මෙහි තවත් වැදගත් අංගයකි. එබැවින් වතුර මල්, ගෘහස්ථව ජලය උපයෝගී කරගනිමින් කල නිර්මාණ මෙම අවකාශයන්හි දක්නට ලැබේ.

Neo classical
මෙම සංකල්පය 1800 දක්වා දිව යයි. එය සරල නමුත් දැවැන්ත ස්වරූපයක් ගනී. ගොඩනැගිලි බොහෝ දුරට සමමිතික වේ. වහල පැතලි වන අතර ව්‍යුහය විශාල කුළුණු ආධාරකවලින් සමන්විත වේ. අවකාශය තුළ ජ්‍යාමිතික රටා නිරීක්ෂණය කල හැකිය. උද්‍යාන පවා වඩාත් විධිමත් රටා වලට සකසා ඇත. මෙය, නිවාස සැලසුම් වලට වඩා ගෞරවාන්විත ගොඩනැගිලි සඳහා භාවිතා කරන ලද ශෛලියකි. මෙම සංකල්පයේ ඇති සම්භාව්‍ය පෙනුම ග්‍රීක සහ රෝම නිර්මාණ වලින් ආභාෂය ලැබීය. මෙම සංකල්පය භාවිතා කිරීමේදී ගෘහ නිර්මාණ ශිල්පීන් සහ නිර්මාණකරුවන් එයට නවීන අංග මුසු කිරීම සඳහා LED බල්බ් වැනි විවිධ දේ එක් කරයි.

Transitional
Transitional යනු එක් ශෛලියකට සීමා නොවීමයි. මෙය නවීන(Modern) හා සාම්ප්‍රදායික(traditional ) වාස්තු විද්‍යාත්මක අංගයන්හි මිශ්‍රණයක් ලෙස සැලකේ. උදාසීන වර්ණ සහ සෘජු රේඛා ආකෘතිවලින් ශෝභා සම්පන්න වේ. මෙම ශෛලිය සෑම විටම මළුව (courtyard), බැල්කනි ආදිය හරහා පිටත පරිසරය සමඟ ඒකාබද්ධ වේ. වර්ණ සරල බැවින් රෙදි, ගෘහ භාණ්ඩ සහ වෙනත් අංග අවකාශය තුළ තැන්පත් කිරීම මඟින් අවකාශයට වැඩි උණුසුම් ස්වභාවයක් සහ ජීවත් විය හැකි පරිසරයක් සකසාලයි.

අවසාන වශයෙන් අපට පෙනෙන්නේ එක් එක් වාස්තු විද්‍යාත්මක ශෛලිය සඳහා විවිධ ලක්‍ෂණ ඇති අතර ඒවායේ පිටුපස ඒවාට ආවේනික වූ හැඟීමක් හා ඉතිහාසයක් ගැබ්වී ඇති බවයි. එමෙන්ම යම් නිවසක ශෛලිය එහි වෙසෙන නිවැසියන්ගේ මානසිකත්වයටද විශාල බලපෑමක් ඇති කරයි.
ස්තූතියි ඔබට! පහතින් ඇති Comment box එකේ ඔබේ ප්‍රියතම වාස්තු විද්‍යා සංකල්පය සඳහන් කිරීමටත් අමතක කරන්න එපා 🙂
- http://www.chadwicks.ie/blog/10-key-architecture-styles-and-their-defining-characteristics/
- https://www.newhomesource.com/learn/transitional-architecture/
- https://www.essentialhome.eu/blog/ultimate-guide-mid-century-modern-architecture/
- https://www.designrulz.com/comprehensive-bohemian-style/
- https://www.elledecor.com/design-decorate/interior-designers/a27471472/minimalist-interior-design-tips/
[/expand]
Minimalist
I think you are in a misunderstanding of architectural concept & architectural style.
Style is something you follow. It is already established. But concept is not like that. That is the initial idea which comes to our mind when we start a design. It is not established. It can be novel idea. We develop the concept to define the design. When developing the design you can follow any type of style you have mentioned here or you can mix it, jam it or squeeze it & create your own style too.
Pls correct me if I’m wrong. This is totally theory of architecture which was taught by great guru Archt. Vidura Sri Nammuni.