වෘත්තීයවේදීන්ගෙන් දැනගනිමු

නිවාස හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තීයවේදීන් විසින්
ප්‍රධාන ක්ෂේත්‍ර 5ක් ආවරණය වන පරිදි ගෙන එනු ලබන
ලිපි මාලාව.

වෘත්තීයවේදීන්ගෙන් දැනගනිමු

නිවාස හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තීයවේදීන් විසින් ප්‍රධාන ක්ෂේත්‍ර 5ක් ආවරණය වන පරිදි ගෙන එනු ලබන ලිපි මාලාව.

Architecture
Interior Designing
Landscape Architecture

Civil Engineering
Law of Property


ARCHITECTURE CATEGORY

වරලත් වාස්තුවිද්‍යාවේදී දමිත් ප්‍රේමතිලක

කොළඹ ආනන්ද විද්‍යාලයේ සාඩම්බර ආදි ශිෂ්‍යයෙක් වන මෙතුමන් වාස්තු විද්‍යාත්මක සැලසුම් සඳහා දේශීය මෙන්ම විදේශීය සම්මාන රැසක් හිමි කරගෙන ඇත. 2012 සහ 2014 වර්ෂ වලදී “World Architecture Community Awards” දෙවතාවක්ද, එමෙන්ම 2014 දී ‘නැගී එන වාස්තු විද්‍යා ශිල්පීන් සඳහා වාස්තුවිද්‍යා ආසියාතික සම්මානයද යනු ඔහුගේ විශිෂ්ට ජයග්‍රහණ කිහිපයකි. එසේම, 2016 වසරේ SLIA Design Awards වෙතින් පිරිනැමුණු “වසරේ තරුණ වාස්තු විද්‍යා ශිල්පියා” සඳහා වන සම්මානයද ඔහු දිනා ගැනීමට සමත් විය.

වාස්තු විද්‍යා ක්ෂේත්‍රයට ඔහු දැක්වූ දායකත්වය තව තවත් පුළුල් කරමින් මෙම නිහතමානී චරිතය Heavenz.lk සමඟ එක්ව වාස්තුවිද්‍යා ශිල්පය පිළිබඳව සෙසු ශ්‍රී ලාංකිකයන් දැනුවත් කිරීමට ගෙන එනු ලබන ලිපි මාලාව මෙසේ අරඹන වගයි.


LANDSCAPE ARCHITECTURE CATEGORY

වරලත් වාස්තු විද්‍යාශිල්පී/වරලත් භූ දර්ශන වාස්තු විද්‍යාශිල්පී ශෙරීන් ඇමෙන්ඩ්‍රා

කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ සාඩම්බර ආදි ශිෂ්‍යාවක් වන මෙතුමිය දැනට ශ්‍රී ලංකාවේ සිටින ප්‍රමුඛ පෙළේ වාස්තු විද්‍යා ශිල්පීන්ගේ සහ භූමි නිර්මාණ වාස්තු විද්‍යා ශිල්පීන්ගේ ආචාර්යවරියකි. 2013 සිට 2015 දක්වා SLILA හි ඉහළම තනතුර වන සභාපති තනතුර හෙබවූ මැය SLAAS (Sri Lanka Association for the Advancement of Science) හි C- කාණ්ඩයේ 2012 දී සිටි සභාපතිනියද වෙයි. මේවන විට කථිකාචාර්යවරයෙකු ලෙස වසර 30කට අධික පළපුරුද්දක් ඇති මොරටුව විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු ලෙස කටයුතු කරයි.

ඉදිකිරීම් කර්මාන්තයට මෙතුමියගේ දායකත්වය පුළුල් කරමින් මෙම උදාර චරිතය Heavenz.lk සමඟ එක්වී භූ දර්ශන වාස්තු විද්‍යා ශිල්පය පිළිබඳව අපේ ශ්‍රී ලාංකිකයන් දැනුවත් කිරීමට ගෙන එනු ලබන ලිපි මාලාව මෙසේ අරඹන වගයි.


INTERIOR DESIGN CATEGORY

අභ්‍යන්තර සැලසුම් නිර්මාණශිල්පී ප්‍රසන්න අලුත්ගේ

මෙතුමන් කොළඹ නාලන්ද විද්‍යාලයේ සාඩම්බර ආදි ශිෂ්‍යයෙකි. 2014/2018 වර්ෂ සඳහා SLIID (ශ්‍රී ලංකා අභ්‍යන්තර අලංකරණ ශිල්පීන්ගේ ආයතනය) හි සභාපතිවරයා වශයෙන්ද කටයුතු කර ඇති අතර නිර්මාණ සැලසුම් සඳහා පේටන්ට් බලපත්‍ර 6 ක් ලබාගත් ශ්‍රී ලාංකිකයෙකි. වසර 25 කට අධික කාලයක් පුරාවට දේශීය හා විදේශීය ව්‍යාපෘති තුළින් ඔහු ලබාගත් අත්දැකීම් ඔහු මෙම ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු බවට පත් කර ඇත.

2014 වසරේ පැවති International Federation of Interior Architects/Designers (IFI) ලෝක සමුළුවේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ප්‍රථම අභ්‍යන්තර සැලසුම් නිර්මාණකරු ඔහු වන අතර, 1 වන International Interior Building decoration Industry Conference (ජාත්‍යන්තර අභ්‍යන්තර ගොඩනැඟිලි සැරසිලි කර්මාන්ත සමුළුවේදී) හි සහ චීනයේ ෂැංහයි පැවති One Belt, One Road Decoration Industry forum 2019 හි ශ්‍රී ලංකාව නියෝජනය කළ අතර Asia Pacific Design Centre (APDC) හි International design awards 2020 තරඟයේ ජූරියේ සාමජිකයෙක්ද විය.

ඉදිකිරීම් ක්ෂේත්‍රයට ඔහු දැක්වූ දායකත්වය තවත් පුළුල් කරමින් මෙම කැපී පෙනෙන චරිතය Heavenz.lk සමඟ එක්ව අභ්‍යන්තර අලංකරණ ශිල්පය පිළිබඳව අප ශ්‍රී ලාංකිකයන් දැනුවත් කිරීමට ගෙන එනු ලබන ලිපි මාලාව මෙසේ අරඹන වගයි.


CIVIL ENGINEERING CATEGORY

වරලත් ඉංජිනේරු මංගල සිල්වා

වෘත්තීයෙන් වරලත් ඉංජිනේරුවෙක් වන මෙතුමන් තම වෘත්තීයට අමතරව තවත් වෘත්තීයමය ආයතන කිහිපයකම ඉහළ තනතුරු හොබවයි. ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ ( IESL) ගරු ලේකම්, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ(SLSI) සභා සාමාජික, ඉදිකිරීම් කර්මාන්ත නිපුණතා සභාවේ(CISC) සහ කාර්මික හා වෘත්තීය තාක්ෂණ පීඨයේ මණ්ඩල සාමාජික යනු ඉන් කිහිපයකි. ඊට අමතරව ඔහු Synergo Consultants (Pvt) Ltd ආයතනයේ අධ්‍යක්ෂකවරයෙකුද වෙයි.

සිවිල් හා ව්‍යුහමය ඉංජිනේරු ශිල්පය පිළිබඳ ප්‍රවීණයෙකු වන මෙතුමන්, ඉදිකිරීම් ක්ෂේත්‍රයට ඔහු දැක්වූ දායකත්වය තවත් පුළුල් කරමින් Heavenz.lk සමඟ එක්ව සිවිල් හා ව්‍යුහමය ඉංජිනේරු විද්‍යාව පිළිබඳව අප ශ්‍රී ලාංකිකයන් දැනුවත් කිරීමට ගෙන එනු ලබන ලිපි මාලාව මෙසේ අරඹන වගයි.


LAW OF PROPERTY CATEGORY

ජ්‍යෙෂ්ඨ නීතිඥ බුද්ධික සේරසිංහ

ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරයෙකු ලෙස වෘතීයෙහි නිරතව සිටින මෙතුමා කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයෙන් සිය උසස් අධ්‍යාපනය හැදෑරූ, කොළඹ ආනන්ද විද්‍යාලයේ සාඩම්බර ආදි ශිෂ්‍යයෙක් වේ.

ඉදිකිරීම් කර්මාන්තයට ඔහුගේ දායකත්වය පුළුල් කරමින් මෙම ගෞරවාන්විත චරිතය Heavenz.lk සමඟ එක්වී ශ්‍රී ලංකාවේ ඉඩම් නීතිය පිළිබඳව අපේ ශ්‍රී ලාංකිකයන් දැනුවත් කිරීමට ගෙන එනු ලබන ලිපි මාලාව මෙසේ අරඹන වගයි.