heavenz articles cover

Category වාස්තු විද්‍යාව

වරලත් වාස්තු විද්‍යාඥ දමිත් ප්‍රේමතිලක මහතා විසින් ඔබ වෙත ගෙන එන වාස්තු විද්‍යාත්මක කතිකාවත

ගෙයක් හදන්න architect කෙනෙක්ම ඕනෙද? වෙන අයට බැරිද?

මෙම ලිපි පෙලේ පළමු ලිපියෙන් වරලත් වුර්තිකයන් ( Chartered Professionals ) ගැනත්, ඔවුන්ගේ වගකීම් ගැනත්, වුර්තිකයන් සහ නිර්මාණ ශිල්පීන් අතර වෙනස ගැනත් ඉතාම කෙටි හැදින්වීමක් කළා ඔබට මතක ඇති. අපි අද වරලත් වාස්තු විද්‍යාඥයෙකුගේ වුර්තීයමය හැඳින්වීම සහ පැවරී ඇති වැඩ කොටස ගැන ටිකක් දීර්ගව කතා කරමු.

ඔබ දක්ෂ නිර්මාණ ශිල්පියෙක්ද? ඔබ වාස්තු විද්‍යාඥයෙක් වීමට සිහින මවමින් ඉන්නවාද?

ඔබ කරන ඕනෑම නිර්මාණ කටයුත්තක වෘත්තීයමය මට්ටමට ළඟා වීමට නම් ඒ සඳහා අත්‍යාවශ්‍ය ප්‍රධානම සාධක වන්නේ දැනුම, හැකියාව සහ පළපුරුද්දයි. නමුත් ඔබට, රටට, ලෝකයට වගකියන ප්‍රමිතියෙන් යුතු වෘත්තිකයෙක් වීමට අවශ්‍ය නම්, ඉහත සඳහන් කළ දැනුම, හැකියාව සහ පළපුරුද්දට අමතරව තවත් බොහෝ දේ අවශ්‍යව ඇත. මේ ලිපියේ අරමුණ ඒ ගැන ඔබට කෙටි අවබෝධයක් ලබා දීමයි.