heavenz articles cover

Category සිවිල් ඉංජිනේරු විද්‍යාව

වරලත් ඉංජිනේරු මංගල සිල්වා මහතා විසින් ඔබ වෙත ගෙන එන සිවිල් හා ව්‍යුහමය ඉංජිනේරු විද්‍යාව පිළිබඳ කතිකාවත.

ඔබගේ නිවෙස සඳහා අත්තිවාරම් යෙදීමේදී සැලකිය යුතු කරුණු මොනවාද?

සරල උදාහරණයක් ගත හොත් කොච්චර හොඳට සවි ශක්තිමත් ව පුටුවක් හැදුවත් වැඩක් නැහැ ඒක මඩ ගොඩක තිබ්බොත් මොකද ඒක එරෙනවා. ඒ වගේ තමයි අත්තිවාරම් දැමීමේදී යොදන කොන්ක්‍රීට් සහ කම්බි ප්‍රමාණය පමණක් නෙමේ ඔබ නිවස සෑදීම කරනු ලබන භූමිය තුළ ඇති පස් වල දරාගැනීමේ හැකියාව හෙවත් ධාරිතාවය (allowable bearing capacity) ඉතාමත් වැදගත්.

නිවසක් නිර්මාණය කිරීමට සහ එය ගොඩනැගීම සඳහා වරලත් සිවිල් (ව්‍යූහ) ඉංජිනේරුවෙකුගේ සේවය අත්‍යවශ්‍ය ද?

පුද්ගලයෙකුට කිසියම් රෝගයක් සෑදුන විට මුදල් වියදම් වෙතැයි සිතා වෛද්‍යවරයකු වෙත නොගොස් තම ජීවිතය අනතුරේ හෙලාගන්නෙකුවේද, නිවසක් තැනීම සඳහා ඉංජිනේරුවෙකුගේ සේවය ලබාගැනීමට පැකිලෙන පුද්ගලයා එම තත්ත්වයට එහා ගිය අඥාන සහ ආත්මාර්ථකාමී පුද්ගලයකු වන්නේය.