භූමි දර්ශනයේ ක්ෂණික මවිතයන්ගෙන් හුදෙකලාවට සහනයක්


කොවිඩ් -19 වසංගතය මේ වන විට අපගේ සාමාන්‍ය එදිනෙදා කටයුතු වලට විශාල බලපෑමක් කර ඇති බව අමුතුවෙන් කිව යුතු නැත. යහපත් සෞඛ්‍ය තත්වයකින් සිටීම ඕනෑම පුද්ගලයෙකුට, තම ජීවන රටාවට හෝ එහි මූලික පැවැත්මට අත්‍යවශ්‍ය දෙයකි. මෙම වසංගතය තුරන් කිරීමට ගෙන ඇති මූලික ක්‍රියාමාර්ග වන, සමාජ ක්‍රියාකාරකම් අවම කිරීම, මිනිසුන් එක්රැස් වීම් අවම කිරීම සහ දුරස්ථව පමණක් සන්නිවේදනය කිරීමට ඉඩ ලබාදීම වැනි ක්‍රියාමාර්ග නිසා සාමාන්‍ය ජන ජීවිතය තරමක් අප්‍රසන්න වී ඇති බව අපට දැකිය හැක.