heavenz articles cover

Category දේපල නීතිය

ජේෂ්ඨ නීතිඥ බුද්ධික සේරසිංහ මහතා විසින් ඔබ වෙත ගෙන එන දේපල නීතිය පිළිබඳ කතිකාවත

දේපල බැහැර කිරීම සහ අන්තිම කැමැත්ත

අපට අයත් නිවාස සහ ඉඩම් භුක්ති විඳීමේ දී මෙන්ම එම දේපළ වෙනත් අයෙකුට හිමිකර දීමේ දී ද විවිධ ගැටළුකාරී තත්ත්වයන් ඇති විය හැක. එසේ හෙයින් ජීවත්ව සිටින විටදී දේපල අයිතීන් බැහැර කිරීම සහ මරණයෙන් පසු එම දේපළ හිමි වීම පිළිබඳව දැනුවත්ව සිටීම වැදගත් වේ. එසේ හෙයින් මෙම ලිපිය මගින් යම් අයකුට අයත් දේපල බැහැර කිරීම් සහ ඔහුගේ මරණය සිදු වීමෙන් පසු එම දේපළක හිමිකාරත්වය ලැබීමට අදාළ නෛතික කිහිපයක් පිළිබඳව සැකෙවින් ඔබ දැනුවත් කිරීම අපේක්ෂා කර සිටිමි.

ඔබේ ඉඩම් හෝ නිවාස සිහිනය ඉටු කර ගැනීමට පෙර . .

තම දේපල සිහිනය සැබෑ කරගැනීම වෙනුවෙන් ප්‍රායෝගිකව බොහෝ අවස්ථාවන්වල දී පළමුවෙන් ම සිදුවන්නේ දේපලක් විකිණීමට ඇති බවට දැන ගැනීමට ලැබීමෙන් පසු එම දේපළ පිහිටි ස්ථානයට ගොස් පරික්ෂා කර බලා, තම මුදලට හා අවශ්‍යතාවයන්ට එකී දේපල ගැලපෙන්නේ ද යන්න විමසා බැලීමකි. එහිදී, තමාට ඉතාම හොඳින් ගැළපෙන, සිය සිතැඟි තෘප්ත කරන්නා වූ දෙපලක් ලැබී ඇති බව සිතුණ ද, එම දේපළ මිලදී ගැනීමට පෙර නීතිමය වශයෙන් විමසා බැලිය යුතු තවත් බොහෝ කරුණු ඇති බව ගැණුම්කරුවෙකු විසින් සිහියේ තබා තබා ගත යුතු වේ.