වාස්තු විද්‍යාව සහ සොබා දහම
මෙම ලිපි පෙලේ පළමු ලිපියෙන් වරලත් වුර්තිකයන් ( Chartered Professionals ) ගැනත්, ඔවුන්ගේ වගකීම් ගැනත්, වුර්තිකයන් සහ නිර්මාණ ශිල්පීන් අතර වෙනස ගැනත් ඉතාම කෙටි හැදින්වීමක් කළා ඔබට මතක ඇති. අපි අද වරලත් වාස්තු විද්‍යාඥයෙකුගේ වුර්තීයමය හැඳින්වීම සහ පැවරී ඇති වැඩ කොටස ගැන ටිකක් දීර්ගව කතා කරමු.
ස්වබාවික පරිසරය ගැන අපි හැමෝම දන්නව. අපි මොනතරම් තාක්ෂණිකව දියුණු වුනත් ස්වබාවික පරිසරය නැතිව අපිට ජීවත් වෙන්න බෑ. වායුගෝලීය උෂ්ණත්වය ඉහල යාම, හිම කඳු දියවීමෙන් සාගර ජල මට්ටම ඉයල යාම, ඕසෝන් ස්තරය හානි වීම, ලැව් ගිනි, සුනාමි, ජල ගැලිම්, නාය යෑම වගේ පරිසරය අසමතුලිත වීමෙන් මිනිසාට ඇතිවන හානි ගැන ඔබ කොතෙකුත් අසා ඇති. මෙම ස්වබාවික පරිසරය අසමතුලිත වීමට ප්‍රධානතම හේතුව, මිනිසා විසින් ගොඩනගන පරිසරය කියල අපි අහල තියෙනව. අපේ මුලික මුලික අවශ්‍යතා සඳහා නව ගොඩනැගීම්, එහෙමත් නැත්නම් ස්වබාවික පරිසරයේ යම් වනස්කිරීම් අනිවාර්යයෙන්ම කලයුතු බවත් අපි හැමෝම අහල තියෙනවා සහ දන්නව. මිනිසාගේ මේ මැදිහත්වීම, එහෙමත් නැත්නම් නව ගොඩනැගීම්, ස්වබාවික පරිසරයට හානි නොවන විදිහට කරන්න බැරිද ? එහෙම කරන ක්‍රම තියෙනවද? සමහරවිට ඔබ දැනටමත් මේ ප්‍රශ්නය ගැන හිතනවා ඇති.
ඔව්, එහෙම තියනව. ඒ සඳහා ලෝකයට මිනිසා විසින් හඳුන්වා දුන් වුර්තියට තමය් අපි වාස්තු විද්‍යාව (Architecture) කියල කියන්නෙ. නිර්මිත පරිසරය (built environment), එහෙමත් නැත්නම් මිනිසාගේ මැදිහත්වීමෙන් ගොඩනගන පරිසරයට අදාල ක්‍රමවේද, විද්‍යාව හා තාක්ෂනය ඇතුලත් කරලා හදල තියෙන විෂය තමය් වාස්තු විද්‍යාව (Architecture). ඒ විෂය හදාරල, ප්‍රයෝගිකව ඉදිකිරිම්වලට යොදවන අයට තමය් වාස්තු විද්‍යාඥයන් (Architects) කියල කියන්නේ. අපේ රටේ මේ සඳහා අවස්ථාව ලැබෙන්නේ වරලත් වාස්තු විද්‍යාඥයින්ට (Chartered Architects) පමනය්. (අනකුත් වාස්තු විද්යාඥයින්ටත් ගොඩනැගීම සඳහා දායක විය හැකිය්. නමුත් එයට යම් සිමාවන් පවතී)
දැන් ඔබ වාස්තු විද්‍යාඥයෙකුගේ මුලික කාර්යබාරය දන්නව. මෙතැනදී තව දෙයක් මතක් කරන්න ඕනේ. ඒ තමය්, වරලත් වාස්තු විද්‍යාඥයෙකුට මේ දේවල් තනියම කරන්න බෑ. ඒ සඳහා පරිසර වේදීන්, බු විෂමතා සැලසුම් ශිල්පීන්, ඉංජිනේරුවන්, ප්‍රමාණ සමික්ෂකයින්, ව්‍යපෘති කළමනාකරුවන්, වැනි අයගේ උපදේෂන සේවාවත් අත්‍යවශ්‍යය්. දත්ත අනුව, අපේ වායුගෝලයට මුදා හැරෙන CO2 වලින් 40% ක් නිපදවෙන්නේ පරිසර හිතකාමී නොවන ලෙස සිදුවන ඉදිකිරීම් මගින්. එම අගය ඉතාම ඉහල අගයක් වන අතර ගෝලීය උෂ්ණත්වය ඉහල යාමට බලපාන ප්‍රධාන සාදකයක්. අපේ පරිසරය විනාශ වෙන්නේ මිනිසාගේ මැදිහත්වීම හරියට සිද්ද නොවන නිසා කියන එක අපි හැමෝම දන්නව. ඔබගේ ගෙවත්තෙන් ආරම්ඹ වන පරිසර දුෂණය , එහෙමත් නැත්නම් පරිසර හිතකාමී නොවන ඉදිකිරීම් මුළු මහත් ලෝකයේම පරිසර දුෂණයට බලපාන බව සමහරවිට ඔබ සිතන්නට නැතිව ඇති. (මෙහිදී ඉදිකිරීම් කියන එකෙන් අදහස් වෙන්නේ හැම විටම ගොඩනැගිළි පමණක් නෙමේ. ඊට මන් මාවත්, උද්‍යාන, ජලාශ, වන වගා ආදියද ඇතුලත්. කෙටියෙන් කියනවනම්, ස්වබාවික පරිසරයට අය්ති නොවන සියලුම ඉදිකිරීම්.) මේ ලිපියේ ප්‍රදාන අරමුණ ඔබට ඒ ගැන සිතන්නට ඉඩ සැලස්විමය්.
ඇමෙරිකානු ආදී වාසීන්ගේ කියමනක් තියනව ” අපේ සොබාදහම, අපිට අපේ මුතුන් මිත්තන්ගෙන් උරුම වුනු දෙයක් නෙමේ, එක අපි අපේ අනාගත දරු පරපුරෙන් නයට ඉල්ලා ගත්ත දෙයක් ” කියල. මේ කියමන හොඳට තේරුම් ගත්තනම්, අපි හැමෝටම තේරෙනවා සොබාදහම කියන්නේ අපිට කැමති විදිහට පාවිච්චි කරන්න පුළුවන් දෙයක් නෙමේ කියල.
වැඩිවන අදික ජනගහනයත් එක්ක, සීග්‍රයෙන් ස්වබාවික සම්පත් වැයවන කාල වකවානුවක, වරලත් වාස්තු විද්‍යාඥයින්ගේ සේවය ලබාගැනීම කොතරම් වැදගත්ද කියන එක දැන් ඔබම හිතන්න.
වාස්තු විද්‍යාඥයින්ගේ අද්යාපනික පසුබිම, ඉතිහාසය, ප්‍රමිතිය සහ පාරම්පරික වාස්තු ගැන අපි ඊ ළඟ ලිපියෙන් කතා කරමු.
Best
How to find a architect in Galle ?